දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආමි එකේලු - කැන්ඩිලු කවුද මේ අසේල?
Homeගොසිප්

ආමි එකේලු - කැන්ඩිලු කවුද මේ අසේල?

PropellerAds

ආමි එකේලු - කැන්ඩිලු කවුද මේ අසේල? ඊයේ පිට පිට දෙවැනි වරටත් ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි20 ක්‍රිකට් තරගය ජයගත් පසු එම ජයග්...

සමෘද්ධි හා කම්කරු එජාපය ඉල්ලයි.
ශ්‍රීලංකන් ඉතිහාසයේ වැඩිම වාර්ෂික ආදායම වාර්තා කරයි.
නියෝජ්‍ය කතානායක ධුරය මුජිබර් රහුමාන්ට?

ආමි එකේලු - කැන්ඩිලු
කවුද මේ අසේල?


ඊයේ පිට පිට දෙවැනි වරටත් ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි20 ක්‍රිකට් තරගය ජයගත් පසු එම ජයග්‍රහණ දෙකම පසුපසින් සිටි අසේල ගුණරත්න නමැති අලුත් ක්‍රීඩකයා ගැන රටේම අවධානය යොමු විය. වයස 31 ක් වන ඔහු මෙපමණ කල් කොහේ සිටියාද යන්න
බොහෝ අය තුළ පැන නැගුණ ගැටලුවකි.
1986 ජනවාරි මස 8 වැනි දින උපත ලැබූ දොවුන්දෙගෙදර අසේල සම්පත් ගුණරත්න මහනුවර ගම් පළාත කරගත් අයෙකි. ඔහු අධ්‍යාපනය ලැබුවේ මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලයේය. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව, ඔහු ශ්‍රී ලංකා යුද හමුදා සේවයට ගියේය.

6 වැනි ක්ෂේත්‍ර රෙජිමේන්තුවේ ඔහු සේවය කර තිබුනේ කාලතුවක්කු නිලධාරියෙකු ලෙසිනි.

පාසල් කාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට ආසා කළ ඔහුට යුද හමුදාවේ සේවය අතරතුර ඒ සඳහා අවස්ථාව ලැබිණි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය. එහිදී පළමු පෙළ තරග සඳහාද එකතු විය. පසු කාලීනව ඔහු යුද හමුදා පිළේ නායකයා විය. අනතුරුව ඔහු Mohammedan ක්‍රීඩා සමාජයට බැඳී සිය ක්‍රිකට් දක්ෂතා වැඩිදියුණු කරගත්තේය.
පන්දු පලන්නට සමත් ප්‍රහාරකයෙකු ලෙස ඔහු යුද හමුදා පිලේ ප්‍රසිද්ධියට පත්වූවෙකි. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් පිලට බොහෝ ජයග්‍රහණ ඔහු නිසා ලැබිණි

මග්ගොන බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ඔහු සිය මංගල ද්විත්ව ශතකයද ලබා ගත්තේ ඒ කාලයේය. පන්දු 170 කදී ලබාගත් එම ද්විත්ව ශතකයට හතරේ පහර 22 ක් හා හයේ පහර 5 ක් ඇතුළත් විය.
කෙසේ නමුත් ඔහුගේ වයස අවුරුදු 30 වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් ලබාගන්නට  අවස්ථාවක් ලැබුනේ නැත.

ඔහු මීට වසරකට පෙර 2016 පෙබරවාරියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි20 තරගයකට මුල්වරට තොරා ගත් අවස්ථාවේ රැස් කළ හැකිවූයේ ලකුණු 4 කි. ඕවර 2 යි පන්දු 5 ක් යවා ලකුණු 22 ක් දුන්නත් කඩුළු ලබාගත්තේ නැත.

ඔහු නැවත ටෙස්ට් තරග හා එක්දින තරග සඳහා තෝරාගන්නේ 2016 ඔක්තෝබර් නොවැම්බර් මාසවලදීය.
කෙසේ නමුත් අසේල ගුණරත්න සිම්බාව්වේ ටෙස්ට් හා එක්දින තරගාවලියේත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේත් ඉදිරියෙන්ම සිටි පිතිකරුවෙකි.
මොහුට දකුණු අප්‍රිකාවේ ටෙස්ට් අවස්ථාව දීමට කණ්ඩායම තෝරන නිලධාරීනට නැණ නුවණ පහළ වුවානම් එම ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලයන් ද මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණ බව විචාරකයින් සඳහන් කර තිබේ.
අසේලගේ දක්ෂතා සටහන පහත පරිදිය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආමි එකේලු - කැන්ඩිලු කවුද මේ අසේල?
ආමි එකේලු - කැන්ඩිලු කවුද මේ අසේල?
http://ift.tt/2lZ3F4r
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_367.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_367.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy