දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආයුධ පෙන්වන්න රැගෙන යද්දී සැකකරු මියගියේ ‘ඇදුම‘ හැදී බව කියූ පෑලියගොඩ පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට
Homeගොසිප්

ආයුධ පෙන්වන්න රැගෙන යද්දී සැකකරු මියගියේ ‘ඇදුම‘ හැදී බව කියූ පෑලියගොඩ පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට

PropellerAds

ආයුධ පෙන්වන්න රැගෙන යද්දී  සැකකරු මියගියේ ‘ඇදුම‘ හැදී බව කියූ පෑලියගොඩ පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට මින් කලකට ඉහත දරුණු ගණයේ අපරාධ ...

කැබිනටුවේදී 03 දා රෑ එන බව කී පොහොර නැව තවම නෑ.
Info Sri Lanka පුවත තහවුරුයි : සිරිසේනට නව අමාත්‍යධූරයක්.
'ලංකාවේ සුපිරිම දුම්රිය ස්ථානය' ඉදිවන හැටි මෙන්න [Video]

ආයුධ පෙන්වන්න රැගෙන යද්දී 
සැකකරු මියගියේ ‘ඇදුම‘ හැදී බව කියූ
පෑලියගොඩ පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට


මින් කලකට ඉහත දරුණු ගණයේ අපරාධ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව උසාවි යන්නටත් පෙරම අනපේක්ෂිත ලෙස මරණයට පත්වීම් සිදු විය.
මෙම රැල්ල ‘අායුධ පෙන්වන්න එක්ක යාම‘ ලෙස එකල පාඨකයන් අතර ජනප්‍රිය විය.
නමුත් මේ කාලයේ එවැනි සිදුවීම් විරලය. වාහන සොරකමක්‌ සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස්‌ පහරදීමකින් මියගිය බව කියන සිද්ධියක්‌ නිසා

පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස්‌ නිලධාරීහු පස්‌දෙනෙක්‌ ඊයේ (26 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කඩුවෙල බියගම ප්‍රදේශයේ පදිංචි ශාමන් වික්‍රමආරච්චි (42) හැවිරිදි දෙදරු පියෙකි. ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රියැදුරෙකි.

වාහන පැහැර ගැනීමේ සිද්ධියකට අදාළව ඉකුත් 24වැනි දින වෙනත් සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් මෙම පුද්ගලයාද සිය කටයුත්තට උදව් කළ බව හෙළි කර තිබේ.
ඒ අනුව මියගිය තැනැත්තා ඔහුගේ නිවෙසේදී පොලිස් අත්අඩංගුවට ගත් පසුව ඔහු වෙනත් චෝදනා සම්බන්ධයෙන්ද මින් ඉහත වරදකරුවූ අයෙකු බව හඳුනාගෙන ඇත. වාහන පැහැර ගැනීමටද තමා සම්බන්ධ බව ඔහු පාපොච්චාරණය කර ඇත. අනතුරුව එම අපරාධ සිදු කිරීමට යොදාගත් බව කියන පිස්තෝලය කොහිදැයි සැකකරුගෙන් විමසීමේදී ‘ඒක මා ගාව දැන් නෑ. සපුගස්කන්දෙ යාළුවෙක් ගාව තියෙන්නෙ‘ ලෙසින් දන්වා ඇත.

ඒ අනුව පිස්තෝලය පෙන්වීමටය කියා ඊයේ අලුයම 4 පමණ සපුගස්කන්ද ප්‍රදේශයට මොහුව රැගෙන ගිය පොලිස් කණ්ඩායම අනතුරුව මොහුට හදිසි අසනීප තත්වයක් හටගත් බව කියමින් රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුට ඇදුම රෝගයක් තිබෙන බවත් රැගෙන යන අතර ඔහු පළායාමට පොර බැදීමේදී එය උත්සන්නවීම පෙන්නුම් කළ බවත් ඒ නිසා රෝහල් ගත කළ බවත් පොලිසිය සටහන් තබා ඇත.

කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සැකකරු ටික වේලාවකින් මියගොස් තිබේ.
මෙම පුද්ගලයා සම්බන්ධ මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන්ට පොලිසිය මෙහ් ගැන සපයා තිබූ තොරතුරු ගැන නොගැළපීමක් හඳුනාගන්නට හැකිව තිබේ.
මරණ පරික්ෂණයේදී හෙළී වී ඇත්තේ සැකකරුට පහර දීමක් එදා සිදු වී ඇති බවය.ශරීරයේ විවිධ ස්ථානවල බහුවිධ තුවාල හා අභ්‍යන්තර ලේ වහනය හේතුවෙන් සිදුවී ඇති බව අනාවරණය වී
තිබේ. සැකකරුගේ ඇදුම රෝග ලක්ෂණ හඳුනාගෙන නැත.
මේ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළ සහකාර පොලිස්‌ අධිකාරි එම්. ජයලත් ඇතුළු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ පෑලියගොඩ පොලිස්‌ නිලධාරීන් පස්‌දෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් අරඹා ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආයුධ පෙන්වන්න රැගෙන යද්දී සැකකරු මියගියේ ‘ඇදුම‘ හැදී බව කියූ පෑලියගොඩ පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට
ආයුධ පෙන්වන්න රැගෙන යද්දී සැකකරු මියගියේ ‘ඇදුම‘ හැදී බව කියූ පෑලියගොඩ පොලිසියේ පස් දෙනෙක් අත්අඩංගුවට
http://ift.tt/2lKsEaG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_315.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_315.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy