පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.අරුණ ප්‍රේමශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මොණර...
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.අරුණ ප්‍රේමශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මොණරාගල කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස උසස්වීමක් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසී ය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ තාවකාලික පත්වීමක් ලෙස සහකාර පොලිස් අධිකාරීවරයෙකු වන පවිත්‍ර දයාරත්න මහතා පත් කර ඇත. ඔහු පෙරේදා දිනයේදී එම තනතුරෙහි වැඩ භාර ගෙන ඇත.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂවරයා මොණරාගල නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගනු ලැබුවේ පසුගිය 29 වන දායි.
ඔහුට නියෝජ්‍ය පොලිස්පති තනතුරක් හිමි වූයේ ඒ සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවකට අනුකූලවයි.
COMMENTS