දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිංගප්පූරුවේ සැලසුමකට බේරේ වැවේ ලොකු වෙනසක්!
Homeප්‍රවෘත්ති

සිංගප්පූරුවේ සැලසුමකට බේරේ වැවේ ලොකු වෙනසක්!

PropellerAds

බේරේ වැව වටේට තිබෙන ඉඩම් අක්කර 150 ක් පමණ සංවර්ධනය කර නව වාණිජ නගරයක් ඇති කිරීමට කටයුතු කරන බවත් එම වාණිජ නගරය සෘජුවම වරාය මූල්‍ය නගරයත් ස...

එජාපයෙන් මට මඩ ගහන්න පත්තරයක් පටන් අරගෙන - සජිත් ප්‍රේමදාස
සම්බා සහ නාඩු සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
චම්පික තවත් අමාරුවේ.. බලපෑම නිසා පැමිණිල්ල වෙනස් කල බව පොලිස් ලොක්කන් පිලිගනී.. අධිකරණයටද දන්වයි !
සිංගප්පූරුවේ සැලසුමකට බේරේ වැවේ ලොකු වෙනසක්!

බේරේ වැව වටේට තිබෙන ඉඩම් අක්කර 150 ක් පමණ සංවර්ධනය කර නව වාණිජ නගරයක් ඇති කිරීමට කටයුතු කරන බවත් එම වාණිජ නගරය සෘජුවම වරාය මූල්‍ය නගරයත් සමග සම්බන්ධ කරන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූයේ මැකලම් පිවිසුම් උද්‍යානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. 

කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක උප ව්‍යාපෘතියක් ලෙස මැකලම් පිවිසුම් උද්‍යානය ඉදිකෙරුණු අතර එහි සැලසුම් දායකත්වය නාගරික සංවර්ධන අධිකාරිය මගින් සපයන ලදි. 

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ මැදිහත් වීමෙන් බේරේ වැව ප‍්‍රදේශයේ සිට ජලජ ප‍්‍රවාහන කි‍්‍රයාවලියක් ආරම්භ කිරීමට සූදානම් බවත් කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන පුද්ගලයින්ට කොළඹ මහ රෝහලට මිනිත්තු කිහිපයකින් තදබදය මගහැර යාමට හැකියාවත් ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

ඒ අනුව බේරේ වැව සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ තමසෙක් ආයතනයේත් ආධාර ඇතිව විධිමත් සැලසුකමක් හඳුනාගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මේ බේරෙට වෙලා තියෙන හේතුව ප‍්‍රධාන රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන 70 වකට අධික ප‍්‍රමාණයකුත් තව තව කුඩා පරිමාණයේ විවිධ පුද්ගල නිවාස සහ අනෙකුත් දේවල් දහසකට අධික ප‍්‍රමාණයකින් මේ බේරේ වැවට තමන්ගේ කැලි කසල, අප ද්‍රව්‍ය, විශේෂයෙන්ම රෝහල් අපද්‍රව්‍ය පවා එකතු කිරීමයි. ඒ නිසා දශක ගාණක් මුළුල්ලේ මේ වැව් ප‍්‍රදේශය විශාල පරිසරය ව්‍යසනයකට, විනාශයකට හසුවෙලා තියෙනවා. සතා සිව්පාවට නැවත ජීවත් විය හැකි ඒ තත්වය අපි නැවත ඇතිකරගන්න  ඕනේ. ඒ සඳහා වසරක පමණ කාල සීමාවක් අපේ නිලධාරීන් ඉතාම වෙහෙස මහන්සිවෙලා සිංගප්පූරුවේ තමසෙක් ආයතනයේත් ආධාර ඇතිව විධිමත් සැලසුකමක් අපි හඳුනාගෙන තියෙනවා. කොහෙන්ද මේ බේරේ වැව දූෂණය වෙන්නේ, ඒ වැව පිරිසිදු කරන්නේ කොහොමද, ඒ අවට ප‍්‍රදේශය කොහොමද සංවර්ධනය කරන්නේ කියන එක ගැන ඒ විශිෂ්ඨ සැලසුමේ සඳහන් වෙලා තියෙනවා. ඒ සැලසුම කි‍්‍රයාත්මක කිරීමට සිංගප්පූරුවේ, විද්‍යාත්මක අවවාද උපවාදත්, අරමුදල් සහය සහ තාක්ෂණික සහයත් අපට ලැබිලා තියෙනවා.“ යනුවෙන්ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ වගේම මේ බේරේ වැව වටේ සිටින පැල්පත්වාසීන්ට අපි මේ වසර ඇතුළත නිවාස ලබාදෙන්නෙ කටයුතු කරනවා. ඒ වගේම බේරේ වැව වටේට අපි රේඛිය උද්‍යානයක් සැලසුම් කරනවා පමණක් නෙමෙයි, මේ බේරේ වැව වටේට තිබෙන ඉඩම් අක්කර 150 ක් පමණ සංවර්ධනය කරන්න, නව වාණිජ නගරයක් ඇති කරන්න අපි කටයුතු කරනවා. මේ වාණිජ නගරය අපි කෙළින්ම වරාය මූල්‍ය නගරයත් සමග සම්බන්ධ කරනවා. අනෙක් පැත්තෙන් අපි මෙය, මේ ඞී.ආර්. විජේවර්ධන මාවතට එහා පැත්තෙන් ගොඩනැගෙන රටේ ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානයත් සමග එකට එකතු කරනවා. ඒ අනුව ඉදිරි වසර 3-4 ඇතුළත මේ ප‍්‍රදේශය අමතක කරලා දාලා තිබිච්ච පැල්පත්වාසීන් යැයි කියලා අවමානයට ලක් කරලා තිබූ, පාතාල ලෝකය යැයි කියලා විග‍්‍රහයට ලක් කරලා තිබූ මේ ප‍්‍රදේශය, රටේ ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවට ගොඩනගන්න අපි කටයුතු කරනවා. “ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංගප්පූරුවේ සැලසුමකට බේරේ වැවේ ලොකු වෙනසක්!
සිංගප්පූරුවේ සැලසුමකට බේරේ වැවේ ලොකු වෙනසක්!
http://ift.tt/2j8AkA2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_828.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_828.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy