දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙලාවට ගමන් යන්න රේල් බස් සේවාව ව්‍යාප්ත කරයි
Homeප්‍රවෘත්ති

වෙලාවට ගමන් යන්න රේල් බස් සේවාව ව්‍යාප්ත කරයි

PropellerAds

මගී තදබදය අවම කිරීමේ අරමුණින් පේරාදෙණිය සිට ගම්පොළ දුම්රිය ස්ථාන අතර රේල් බස් සේවාවක් අද (14) සිට ආරම්භ කර තිබේ. ඒ අනුව පෙරවරු 9.23ට පේරා...

"සඳුදා අපට දුන්නේ සිකුරාදා උයපු කෑම" - පාර්ලිමේන්තුවේ පිළුණු කෑම දීලා ලොකු කසුකුසුවක්
"රන්ජන්ගේ "හඬපට" ලීක් වුනේ එයාගෙම ලේකම් අතින් " - හිරුනිකා බයවෙලා වගේ සියල්ල හෙළි කරයි
රන්ජන් පටිගත කළ දුරකතන සංවාද පොලිසියට ලැබුණු හැටි හෙළිවෙයි
වෙලාවට ගමන් යන්න රේල් බස් සේවාව ව්‍යාප්ත කරයි

මගී තදබදය අවම කිරීමේ අරමුණින් පේරාදෙණිය සිට ගම්පොළ දුම්රිය ස්ථාන අතර රේල් බස් සේවාවක් අද (14) සිට ආරම්භ කර තිබේ.

ඒ අනුව පෙරවරු 9.23ට පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් පිටත්වන රේල් බස් රථ පෙරවරු 9.51ට ගම්පොළ දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත අතර පස්වරු 1.20ට පේරාදෙණියෙන් පිටත්වන රේල් බස් රථය පස්වරු 1.48ට ගම්පොළ දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිතයි.

එමෙන්ම පෙරවරු 10.00ට ගම්පොළ දුම්රිය ස්ථානයෙන් පිටත්වන රේල් බස් රථය පෙරවරු 10.55ට පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිත අතර පස්වරු 2.10ට ගම්පොළ දුම්රිය ස්ථානයෙන් පිටත්වන රේල් බස් රථය පස්වරු 2.44ට පේරාදෙණිය දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත බවත් වාර්තා වෙයි.

තදාසන්න නගර අතර පවතින මගී තදබදය අවම කිරීමේ අරමුණින් එම රේල් බස් රථ සේවාව දිවයිනේ විවිධ නගර අතර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම රේල් බස් සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර දැනටමත් දිවයිනේ විවිධ නගර අතර රේල් බස් සේවාව ක්‍රියාත්මකව පවතී.

ත්‍රිකුණාමලය - ගල්ඔය, මඩකලපුව - ගල්ඔය, හලාවත - පුත්තලම, අනුරාධපුර - මැදවච්චිය, කුරුණෑගල - මහව -පේරාදෙණිය - මහනුවර, මහරගම - කොස්ගම යන නගර අතර මෙම රේල් බස් සේවා ක්‍රියාත්මක වේ. 

මහනුවර සිට මාතලේ දක්වාද රේල් බස් සේවයක් මීට සමගාමීව ආරම්භ වෙනු ඇත. 

මේ නිසාම ඉදිරියේදී මගී තදබදය තියෙන තදාසන්න නගර අතර රේල් බස් සේවය ව්‍යාප්ත කිරීමට අදාළ සැලසුම් සකස් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

බොහෝ දුරට කාර්යාල සේවකයන්ට නියමිත වෙලාවට කාර්යාල වෙත ගමන් කිරීමටත්, ආපසු නිවෙස් වලට යාමත් රේල් බස් සේවාව විශාල පිටිවහලක් වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙලාවට ගමන් යන්න රේල් බස් සේවාව ව්‍යාප්ත කරයි
වෙලාවට ගමන් යන්න රේල් බස් සේවාව ව්‍යාප්ත කරයි
http://ift.tt/2ji3hN0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_825.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_825.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy