දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නෝර්වේ සහාය මත ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි   
Homeප්‍රවෘත්ති

නෝර්වේ සහාය මත ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි   

PropellerAds

ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා ස්ථිර ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැ...

'මගේ අතින් වැරදි වෙන්න ඇති' - ජනපති ස්වයං විවේචනයකට සූදානම්
කන්න ගන්න පෝලිම්වල ඉන්න මිනිස්සු ලුණු ඇඹුල් ඇතිව කියන කතා - (VIDEO)
රටම කම්පාවට පත් කළ, රාගල ගින්නට සැක පිට මියගිය දරුවන්ගේ පියා පොලිස් දැලට කොටු වෙයි - සිද්ධිය ගැන වෙනස්ම කතාවක් එළියට!
නෝර්වේ සහාය මත ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි   

ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා ස්ථිර ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහාය නොර්වේ රජය විසින් ලබා දී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. 

මෙතෙක් මෙරට එවැනි ජාතික ප්‍රතිපත්තියක් නොවු අතර, දිනෙන් දිනම ධීවර හා ජලජ සම්පත් අවභාවිතය නිසා, එම සම්පත් විනාශ වී යාමේ තර්ජනයකට වර්තමානයේ අප රට මුහුණ දී ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කරයි.  

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම සම්පත් සංරක්ෂණය කිරීම, කළමනාකරණය, අනාගත පරපුර සඳහා ධීවර හා ජලජ සම්පත් සුරක්ෂිත කර තැබීම, පාරිසරික සම්පතක් වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණය කිරිමේ ඇති වටිනාකම් මහජනතාවට අවබෝධ කිරීම, සම්පත් උපරිම ඵළදායකත්වයක් ලැබෙන පරිදි නෙලා ගැනීම මෙන්ම ධීවර හා ජලජ සම්පත් යනු ක්‍රමයෙන් හිඟවන සම්පතක් නිසා ඒවා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම, නව නීති හදුන්වා දීම තුළින් එම සම්පත් සංරක්ෂණය කිරීම යනාදී කරුණු ගණනාවක් ඉළක්ක කර ගනිමින් මෙම ජාතික ධීවර ප්‍රතිපත්තිය සකස්කරන ලෙස, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ. 

දැනට ලෝකයේ විශිෂ්ටතම ධීවර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන්නේ නොර්වේ රටේ බැවින් මෙරට ජාතික ධීවර ප්‍රතිපත්තිය සකස් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය වසරේ මෙරට සංචාරයක නිරත වු නෝර්වේ අගමැතිනි අර්නා සොල්බර්ග් මහත්මියගෙන් ඉල්ලා සිටියේය. 

ඒ අනුව, නෝර්වේ රජය විසින් එරට ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පුළුල් දැනුමක් ඇති විද්වතුන් කණ්ඩායමක් අප රටට එවනු ලැබීය. මේ වනවිට එම පිරිස මෙරට විද්වතුන් හා එක්වෙමින් අදාල ජාතික ධීවර ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතුවල නිරත වී සිටිති. 

කෙසේ වුවද, මෙම වසර තුළ මෙම ජාතික ධීවර ප්‍රතිපත්තිය රටට හඳුන්වා දීමට පියවර ගන්නා ලෙසත්, අදාල සියලු පාර්ශ්වවලින් තොරතුරු අදහස් යෝජනා ලබා ගනිමින් මෙම ප්‍රතිපත්තිය සකස් කරන ලෙසත්, රජයන් වෙනස් වු විට වෙනස් නොවන ජාතික ධීවර ප්‍රතිපත්තියක් හදුන්වාදිය යුතු බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නෝර්වේ සහාය මත ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි   
නෝර්වේ සහාය මත ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි   
http://ift.tt/2jW1eec
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_806.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_806.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy