මෙරට අළෙවි වන පැණි බීම බෝතල්වල සීනි මට්ටම සඳහා වර්ණ සංකේත නිකුත් කිරීමේ නියෝගය අද (01) සිට ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ...
මෙරට අළෙවි වන පැණි බීම බෝතල්වල සීනි මට්ටම සඳහා වර්ණ සංකේත නිකුත් කිරීමේ නියෝගය අද (01) සිට ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
ඊට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත බවත් එම ගැසට් නිවේදනයට අනුව සීනි මට්ටම සඳහා වර්ණ සංකේත නිකුත් කිරීමේ නියෝග කඩකර බීම බෝතල් අළෙවි කරන්නන් සොයා වැටලීම් සිදුකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහත ප්‍රකාශ කරයි.
මේ අතර අද (01) පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු රජය පොරොන්දු වූ පරිදි පැණි බීම නීතිය ක්‍රියාත්මක නොකර ඇති බවයි.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.
COMMENTS