පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද ජෛව විවිධත්වයෙන් ඉහළ භාණ්ඩ තොගයක් කොළඹට හා ඌව වෙල්ලස්ස විශ්...
පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද ජෛව විවිධත්වයෙන් ඉහළ භාණ්ඩ තොගයක් කොළඹට හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලවලට අද (18) පරිත්‍යාග කළේය.
මෙම භාණ්ඩ තොගයට අං තට්ටු, මුහුදු බෙල්ලන්, කොරල්පර, කුරුලු පිහාටු ඇතුළු භාණ්ඩ රාශියක් ඇතුළත් විය.
බණ්ඩාරනායක ගුවන්තොටුපළ, කුරිය භාණ්ඩ සේවා මධ්‍යස්ථානය හා කොළඹ වරාය ගුවන් භාණ්ඩ අංශය ඇතුළු අංශ මෙම භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මෙම භාණ්ඩ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලට ලබා දෙන බව අතිරේක රේගු අධ්‍යක්ෂක යූ. ලියනගේ මහතා සඳහන් කළේය.
COMMENTS