වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මේවන විට මැඩ පවත්වා තිබේ. අද (26) පෙරවරු 9.30ට පමණ ගින්න හටගෙන තිබුණි. ප...
වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මේවන විට මැඩ පවත්වා තිබේ.
අද (26) පෙරවරු 9.30ට පමණ ගින්න හටගෙන තිබුණි.
ප්‍රදේශවාසීන්, පොලීසිය සහ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවත් ගින්න මැඩ පැවැත්විම සඳහා පැය 02කට අධික කාලයක් ගතවී ඇති බවත් වාර්තා වේ.
මේ අතර ගින්න සීග්‍රයෙන් පැතිරයාම හේතුවෙන් අවට නිවාස 05කට ද හානි සිදුව තිබේ.
ගින්න හටගැනීමත් සමඟ ඒ පිලිබඳ ගිනි නිවීමේ ඒකකය දැනුවත් කිරීමට කටයුතු කළ ද ඔවුන්ගේ ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොවීම හේතුවෙන් මෙලෙස ගින්න පැතිරගොස් ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
ගින්න හටගත් කර්මාන්ත ශාලාව සිය බල ප්‍රදේශයට අයත් වූවක් නොවන බවත් කෙසේවෙතත් ඒ පිළිබද කොළඹ නගරසභාව දැනුවත් කර ගින්න මැඩ පැවිත්වීම සඳහා ගිනි නිවන රථ 05ක් යෙදවීමට පියවර ගත් බවත් කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය සඳහන් කළේය.
ගිනි නිවීම් රථ කොළඹ සිට වත්තලට ගමන් කිරීමත් යළි ජලය පුරවා ගැනීම සඳහා කොළඹට පැමිණිමට සිදුවිමත් නිසා ගින්න මැඩ පැවැත්විමට වැඩි වේලාවක් ගත වූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසීය.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS