දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විල්පත්තුව එළිකිරීම නීති විරෝධී නෑ - වවුනියා හිමිවරුන්ගෙන් ප්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

විල්පත්තුව එළිකිරීම නීති විරෝධී නෑ - වවුනියා හිමිවරුන්ගෙන් ප්‍රකාශයක්

PropellerAds

විල්පත්තු වන විනාශය කියමින් ජාතිවාදය පතුරමින් සංහිදියාව බිඳින්න කිසිවෙකුටත් අවස්ථාවක් නොදිය යුතු බවට විල්පත්තු රක්ෂිතයේ හා ශිලාවතුර නැවත් ...

මිනිස්සු වෙනස් වෙමින් සිටී! පාරවල් වහලා පාරේ යන VIPලාටයි පොලිසියටයි එරෙහිව නැගී සිටී! (VIDEO)
අරගලය ජයගෙන දළදා මාළිගාවේ ධනය ජනසතු කරනවා – සන්නස්ගල
මණ්ඩලය කචල්… බාලගිරි දෝෂය වගේ… කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම දින නියමක් නැතිව කල් යන ලකුණු!
විල්පත්තුව එළිකිරීම නීති විරෝධී නෑ - වවුනියා හිමිවරුන්ගෙන් ප්‍රකාශයක්

විල්පත්තු වන විනාශය කියමින් ජාතිවාදය පතුරමින් සංහිදියාව බිඳින්න කිසිවෙකුටත් අවස්ථාවක් නොදිය යුතු බවට විල්පත්තු රක්ෂිතයේ හා ශිලාවතුර නැවත් පදිංචි කිරීම් පිළිබඳව නිරීක්ෂණයක යෙදෙමින් වව්නියාවේ විහාරාධිපතින් වහන්සේලා පිරිසක් කියා සිටියහ.

මන්නාරම ශිලාවතුර ප්‍රදේශයේ මරිච්චිකට්ටි, කරඩික්කුලි, මුල්ලිකුලම්, පාවක්කුලි, අලක්කට්ටු හා කූමාන්කුලම් යන ගම්මානයන්හි නැවත පදිංචි කරවීම් හා එම වැසියන් සමග සාකච්ඡා කරමින් දිනය පුරා නිරීක්ෂණයක නිරත වූහ.

මෙම නිරීක්ෂණය සඳහා වව්නියාව අවරන්තුලාව චේතිගිරිය විහාරාධිපති පූජ්‍ය මොරගොඩ දම්මානන්ද හිමියන්, මුලතිව් ශාශනාරක්ෂක බලමණ්ඩුලයේ සභාපති හා කිරිඉබ්බන්වැව විහාරාධිපති පොලොන්නරුවේ තිලකාලංකාර හිමියන්, මුලතිව් ශාශනාරක්ෂක බලමණ්ඩුලයේ ලෙක්ම හා ඇතාවැටුනුවැව විහාරාධිපති මොනරවැව ධම්මිත්ත හිමයින් ඇතුලු භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක් වූහ.

ඊට අමතරව 1980 වසරේදී මරිච්චිකට්ටිහි හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා විසින් විවෘත්ත කරන ලද නිවාස ව්‍යාපෘතියක පැරනි නිවාස කිහිපයක්ද භික්ෂූන් වහන්සේලා විසින් නිරීක්ෂණය කළ අතර ඉන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ.

‘‘මේ වන විට රටේ විශාල ප්‍රචාරයක් යනව විල්පත්තු රක්ෂිතය විනාශ කරල අමාත්‍යවරයෙකුගේ නායකත්වයෙන් මුස්ලිම් වැසියන් පිටස්තර පලාත්වලින්ද රැගෙනවිත් නැවත පදිංචි කරවීම් කරනවා කියලා මේ ප්‍රචාරයන් සියල්ලක්ම බොරු මේ බොරු ප්‍රචාරය කරන පිරිස් ඇයි මේ පළාත් වලට ඇවිත් හරියටම වෙලා තියෙන්නේ මොනවද කියල හොයල බලන්නැත්තේ ‘‘මේ පලාත් වල නැවත පදිංචි වෙලා තියනවා ඒක ඇත්ත නමුත් ඒ පදිංචි වෙලා ඉන්නනේ මේ ජනතාවගේ මුල් ඉඩම් වල පාරම්පරික අයිතියක් තියෙන ඉඩම් වල යුද්දෙන් පසුව අවුරුදු 30 කට පසුව මේ අය එන කොට මේ අයගේ නිවාස සියල්ලක්ම විනාශ වෙලා ගෙවල් ඇතුලේ ලොකු ගස් ඉඩම් මහ මූකලාන වගේ ඉතිං ඒ ගස් කපලා එලිපෙහෙලි කරන වෙලාවෙ තමයි රට තුල මෙවැනි බොරු ප්‍රචාරයන් යන්නෙ කියලා අපිට හැඟුනේ මෙහෙට ආවට පස්සේ.

‘‘අපි මෙහේ ඉන්න විල්පත්තු වනජීවි නිලධාරීන් එක්ක ඒ වගේම රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කලා ඒ අය රට තුල යන බොරු ප්‍රචාරය නිසාම අද මාධ්‍යට අදහස් දෙන්න බිය වෙලා නමුත් ඒ අය අපි සමග කිව්වේ මේ නැවත පදිංචි වීම් කැලෑ එලිපෙහෙලි කිරීම් කිසිවක් නීති විරෝධී නොවන බවයි. මොනා වුන් මේ ජනතාව ඒ ඉඩම් වල පරම්පරා ගතව සිටි නිසා අද ඒ අය බයක් නැතුව ඇවිත් ඒ අයගේ ඉඩම් එලිපෙහෙලි කරගන්නවා ඒකේ වැරද්දක් නැහැ වගේ වැරද්දක් ඇතිනම රජයක් වශයෙන් එම අවස්ථාවේදීම නීතිය ක්‍රියාත්මක කරන බවට ඒ නිලධාරීන් අප සමඟ කියා සිටියා.

‘ඒ වගේම මේ පළාත් වල මුස්ලිම් ජනතාව පමණක් නොවෙයි ජීවත් වෙලා ඉන්නේ සිංහල වැසියන් පිරිසකුත් ඉන්නවා දෙමළ වැසියොත් ඉන්නවා එහෙම නම් අපිට කියන්න තියෙනනේ යුද්දෙන් පසුව අමාරුවෙන් ගොඩනගාගත් සහජීවනය සංහිදියාව මේ බොරු ජාතිවාදි අදහස් වලට රැවටෙන්න එපා එහෙම වුනොත් ඇතිවන්නේ ජාතිවාදී යුද්දයක් ඒ යුද්දේ තිබුණු අවි යුද්දෙට වඩා දරුණු යුද්දයක් වෙනවා මේ ගැන රටේ පාලකයින් විදිහට බුද්ධිමත්ව සිතා තීරණයක් ගන්න ඕන කාලයයි මේ" යනුවෙනි

- වන්නි රොමේෂ්- 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විල්පත්තුව එළිකිරීම නීති විරෝධී නෑ - වවුනියා හිමිවරුන්ගෙන් ප්‍රකාශයක්
විල්පත්තුව එළිකිරීම නීති විරෝධී නෑ - වවුනියා හිමිවරුන්ගෙන් ප්‍රකාශයක්
http://ift.tt/2iYRNO1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_607.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_607.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy