දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ වෙබ් අඩවියක් නැවත හැක් කරලා මහජන දුක්ගැනිවිලි ෆයිල් ලක්ෂ ගාණක් සොරකම් කර මීඩියා වලට දීලා
Homeගොසිප්

ජනපතිගේ වෙබ් අඩවියක් නැවත හැක් කරලා මහජන දුක්ගැනිවිලි ෆයිල් ලක්ෂ ගාණක් සොරකම් කර මීඩියා වලට දීලා

PropellerAds

ජනපතිගේ වෙබ් අඩවියක් නැවත හැක් කරලා මහජන දුක්ගැනිවිලි ෆයිල් ලක්ෂ ගාණක් සොරකම් කර මීඩියා වලට දීලා මීට ටික කාලයකට පෙර ජනපති මෛත්‍රිපාල ...

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමට නම් කළ අය මෙන්න
නුගේගොඩ රැළියෙන් පැය කිහිපයකට පසු හාල් බද්ද අඩුවෙලා
රන්ජන්ගේ හෙණ ගහන කතාව නිසා පරිපාලන නිලධාරීන් වර්ජනයේ

ජනපතිගේ වෙබ් අඩවියක් නැවත හැක් කරලා
මහජන දුක්ගැනිවිලි ෆයිල් ලක්ෂ ගාණක්
සොරකම් කර මීඩියා වලට දීලා



මීට ටික කාලයකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල වෙබ් අඩවියට ඇතුළුවූ තරුණයෙකු ගැන පුවතක් පළවිය. ඔහු සිදු කර තිබුනේ එම වෙබ් අඩවිය වෙනස් කර උසස් පෙළ විභාගය කල්දාන්න නැතිනම් ඉල්ලා අස්වෙන්න යන තර්ජනය එයට ඇතුළු කිරීම පමණි.
මෙම කාරණාවේදී ඔහු අත්අඩංගුවට පත් කර වැරදි කරුවුවත් ජනපති පසුව ඔහුව නිවසටම ගෙන්වාගෙන සමාව සමග තෑගිබෝගදී ඔලුව අතගා යැවුවේය.
මෙම ක්‍රියාව ආදර්ශයට ගත් තවත් තරුණයෙකු දැන් ඊටත් වඩා බරපතල
දෙයක් සිදු කර තිබේ. අහංගම, කතලුව පදිංචි අනුරුද්ධ හර්ෂාන් අබේසූරිය නමැති සැකකරු අනවසරයෙන් ප්‍රවිශ්ට වී ඇත්තේ "ජනපතිට කියන්න" නමැති වෙබ් අඩවියටයි.
එය පවත්වාගෙන යන්නේ ජනපතිගේ අවධානය පිණිස මහජනතාව පවසන දුක්ගැනවිලි ලබාගන්නටයි.
 ජනාධිපති

මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත  මහජනතාව යොමු කරන ලද යෝජනා, දුක්ගැනවිලි, පෞද්ගලික හඬ පට හා ලිපි ලේඛන ලක්ෂයකට අධික ප්‍රමාණයක් මොහු සොරකම් කර තිබේ. පසුව ඔහු මෙම ෆයිල් තොගය මාධ්‍යයේ පළකිරීමේ අටියෙන් හෝ වෙනත් හේතුවකට ජනමාධ්‍යවේදියෙකු වෙත ඊමේල් කර තිබේ.

තොරතුරු අතුරුදන්වීම ගැන රහස් පොලිසියට මින් ටික කාලයකට පෙර පැමිණිල්ලක් ලැබී තිබී ඇති අතර එම තොරතුරු කොටසක් තවත් තැනකින් මතුවීම ගැන සෝදිසියෙන් සිටි පොලිසියට අදාළ ජනමාධ්‍ය වේදීයාගේ ඊමේල් පණිවිඩය වැඩිදුර අධ්‍යයනය කරන්නට අවස්ථාව ලැබී ඇත. ඒ ඔස්සේ ඊමේලය යොමුකළ අහංගම, කතලුව පදිංචි අනුරුද්ධ හර්ෂාන් අබේසූරිය කොට කරගෙන තිබේ. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමා ජනපතිගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවූ ආකාරය හෙළිදරව් කර වරද පිළිගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුලබන 19දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා ඊයේ (9දා) නියෝග කළේය.
ජනාධිපති සහකාර ලේකම් චමීර කන්නන්ගර මහතා ඉකුත් 7දා රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ පරිගණක විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. කේ. සේනාරත්න මහතා මෙම විමර්ශනය සිදු කර තිබුණි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තමා "ජනපතිට කියන්න" වෙබ් අඩවිය වෙත කිසිම අපහසුතාවකින් තොරව ඇතුළු වූ බවත් එම වෙබ් අඩවියේ ඇති අඩුපාඩු හා එය වෙත ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම දැනුවත් කිරීම සඳහා අදාළ ක්‍රියාව සිදු කළ බවත් කියා ඇත. සොරකම් කරන ලද දත්ත පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ජාලයක සේවය කරන අයෙකුගේ රාජකාරි විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන ලද්දේ හැකි නම් ඒ ගැන සොයා බලන්න කියන්නට බවත් දන්වා ඇත.
සැකකරු භාරයේ තිබූ පරිගණක උපාංග, දත්ත තොගයක්ද රහස් පොලිසිය භාරයට ගෙන තිබිණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ වෙබ් අඩවියක් නැවත හැක් කරලා මහජන දුක්ගැනිවිලි ෆයිල් ලක්ෂ ගාණක් සොරකම් කර මීඩියා වලට දීලා
ජනපතිගේ වෙබ් අඩවියක් නැවත හැක් කරලා මහජන දුක්ගැනිවිලි ෆයිල් ලක්ෂ ගාණක් සොරකම් කර මීඩියා වලට දීලා
http://ift.tt/2iaUo32
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_529.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_529.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy