දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රන්ජන්ගේ හෙණ ගහන කතාව නිසා පරිපාලන නිලධාරීන් වර්ජනයේ
Homeගොසිප්

රන්ජන්ගේ හෙණ ගහන කතාව නිසා පරිපාලන නිලධාරීන් වර්ජනයේ

PropellerAds

රන්ජන්ගේ හෙණ ගහන කතාව නිසා පරිපාලන නිලධාරීන් වර්ජනයේ පසුගියදා සිනමා නළු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔහුට අයත් පාර්ලිමේන්තු ආසන...

සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම විකිණෙයි
විමල් මහින්ද සමග මෝදිට එරෙහිව කළු කොඩි ඔසවන්න කියා පසුව වෙනස්වුනේ කරුණා නිසා
මහනුවර වෙසක් සමාප්ති උළෙලට ගිය විදේශික දූත පිරිසට හෝටලේට යන්න බස් නෑ

රන්ජන්ගේ හෙණ ගහන කතාව නිසා
පරිපාලන නිලධාරීන් වර්ජනයේ

පසුගියදා සිනමා නළු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔහුට අයත් පාර්ලිමේන්තු ආසනය වන දිවුලපිටිය අකරගම ප්‍රදේශයේ පස් කැපීමේ ක්‍රමවේදය පිළිබඳව සොයා බැලීමට අකරගම ප්‍රදේශයට ගිය අවස්ථාවක අසාධාරණයක් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදීමේ සිද්ධියක්
ආන්දෝලනයක් ඇති කර තිබේ.
 ප්‍රදේශයේ පස් කැපීම සඳහා බලපත් ලැබී ඇත්තේ අක්කරයක් තුළ මීටරයක ප්‍රමාණයක් ගැඹුරට වුවද මේ වන විට එය අඩි 30 කට වඩා ගැඹුරට කපා ඇති බව දැනගෙන ඒ කටයුතු වලට දේශපාලනඥයින්ට හා වෙනත් අයට අවසර දීම ගැන විමසන්නට ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් රන්ජන් පිරිසට එම ඇමතුම ඇසෙන සේ ස්පීකර් ෆෝන් දමාගෙන කථා කළේය.
මුල් අවස්ථාවේදී ඇය දුරකථනය විසන්ධි කරනු ලැබූ අතර නැවත එම විසන්ධි කිරීමේ කේන්තියත් සමග ඇයව රන්ජන් ඇමතුවේ තදින්ය.

මම රන්ජන් රාමනායක කථා කරන්නේ
කියන්න ඇමතිතුමා
ඇයි ලයින් එක කට් කලේ ඔයා
නෑ නෑ කට්වුණා.. කියන්නකො..
කට්වුණා..? කට් කළා ඔයා..
ඇමතිතුමා ගැටලුවක් තියනව නම් ලියල එවන්න.
ගැටලු ලියල එවන්නෙ නෑ.. දැන් ඔබතුමීට ඔතන ඇවිත් හොම්බට ඇන්නොත් ඔබතුමී ලියල එවනකං ඉන්නවද?
අපි ඉතින් රාජ්‍ය නිලධාරීන් හොම්බට අනිනකමං නම් ඉන්නෙ නෑ.
ආ ඔව් ඔව් ඔයා චණ්ඩියෙක් කියල අපි දන්නවා.අපි දන්නවා ඔයා ගෙවල් හදන්නෙ කොහොමද කියල
ඔය එක එක්කෙනා කියන දෙවල් අහල මට බොරුවට කෑගහන්න එපා මට විරුද්ධව පැමිණිල්ලක් තියනව නම් විධිමත් පරීක්ෂණයක් කරන්න
දැන් අවුරුදු 7 ක් තිස්සේ මේක කාල කාල හොරකම් කරලා උඹලට හෙණ ගහනව උඹලට
කමක් නෑ ඇමතිතුමා

ආදී ලෙස උණුසුම් වචන හුවමාරුව සිදුවිය.
පසුව රන්ජන් රාමනායක මේ පිළිබඳ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන්ද විමසීමක් කළ අතර මෙම ජාවාරම අල්ලස් දී යටගසා ඇති බවත් අවධාරණය කළේ මාධ්‍ය වෙත නම් ගම්ද හෙළි කරමිනි.
"පැහැදිලිව මේ ප්‍රදේශයේ පස් කපන පස් හොරා ඉන්දික අනුරුද්ද පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම ඔහුගේ සොහොයුරා තුසිත, ඒ වගේම අපේ පක්ෂේ වසන්ත දංගල්ල, ඉතිං මේ පුද්ගලයෝ පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව මේ හැමෝටම අල්ලස් දීලා තියෙනවා කියන එක තමයි තිත්ත ඇත්ත"

මෙම සිද්ධියෙන් පසුව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන සේවා සංගමය නි.ඇමතිවරයාගේ ද්වේශ සහගත ප්‍රකාශය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කර ගන්නැයි ඉල්ලා ඇති අතර එසේ නොවේ නම් 30 වනදා සියල්ලන් සේවයෙන් බැහැරවන බව දන්වා ඇත. මෙම ප්‍රකාශය රාජ්‍ය නිලධාරීන් හෑල්ලුවට ලක් කිරීමක් ලෙසද දන්වා ඇත.
එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන්ජන්ගේ හෙණ ගහන කතාව නිසා පරිපාලන නිලධාරීන් වර්ජනයේ
රන්ජන්ගේ හෙණ ගහන කතාව නිසා පරිපාලන නිලධාරීන් වර්ජනයේ
http://ift.tt/2kDzJu5
https://i.ytimg.com/vi/GmM2EQSR_PU/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_154.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_154.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy