දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති සූදානම් නම් ආණ්ඩු පෙරළියකට මහින්ද පිල සූදානම්  
Homeප්‍රවෘත්ති

ජනපති සූදානම් නම් ආණ්ඩු පෙරළියකට මහින්ද පිල සූදානම්  

PropellerAds

“අවදානම ජනපතිවරයා ගන්න ලෑස්තිනම් අපි ලෑස්තියි රටේ පැත්තෙන් ඒ ආණ්ඩු පෙරළිය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබාදෙන්න“ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක...

ප්‍රබල ඇමතිවරයෙකු තනි ගමනකට සැරසෙයි! නිවසේ මන්ත්‍රීවරු එක්ක රහස් සාකච්ඡාවක!
සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවල මරා දැමීමේ කුමන්ත්‍රණයක්! ප්‍රහාරයේ උණුසුම යන්නත් කලින් තවත් හෙළිදරව්වක්! (VIDEO)
පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් හේමසිරි සහ පූජිත් නිදහස් වුණේ කොහොමද ? ඔබ නොදන්නා දේ මෙන්න
ජනපති සූදානම් නම් ආණ්ඩු පෙරළියකට මහින්ද පිල සූදානම්  

“අවදානම ජනපතිවරයා ගන්න ලෑස්තිනම් අපි ලෑස්තියි රටේ පැත්තෙන් ඒ ආණ්ඩු පෙරළිය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබාදෙන්න“ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

මේ ආණ්ඩුව ආර්ථික අර්බූදය මැද මැතිවරණයකට ගියොත් පළාත් සභා මැතිවරණය අන්ත පරාජයකට ලක් වෙන නිසා පළාත් සභා පනත සංශෝධනය කර පළාත් සභා මැතිවරණ වසරකින් කල් දාන්න සාකච්ඡා කරමින් සිටින බවත් ආණ්ඩුවේම ඇමතිවරයෙකු විසින් මේ බව තමාට පෙරේදා රාත්‍රියේ දැනුම්දුන් බවත් මන්ත්‍රීවරයා පැවසී ය. 

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

“මැතිවරණ සමීප වෙන විට ශ්‍රිලනිප නායකයින්ට මහින්ද මැතිතුමා සිහිපත් වෙනවා. චාටු කතා කියලා එතුමාව තමන්ගේ වේදිකාවට ගොඩ කර ගත්තේ නැති නම් ඔවුන් අන්ත පරාජයකට ලක් වන බව දන්නවා.  මැතිවරණය අවසන් වුණාම බැන වදිමින් අපහාස කරනවා. ජනපති සිරිසේන නායකත්වයේ සිටින තෙක් පිවිතුරු හෙළ උරුමය සන්ධානයෙන් මැතිවරණ තරග කරන්නේ නෑ කියලා අපි කිව්වේ පාර්ලිමේන්තු මැතිවරණ පවත්වා සතියක් ඇතුළතයි.

පුංචි ඡන්දයේ දී අපි එකට තරඟ කළොත් මහින්ද මැතිතුමාගේ සරණෙන් දිනාවි. ඊට පස්සේ ජාතික ලැයිස්තුවට කළ දේ ප්‍රසාද මන්ත්‍රි ධූරයන්ට කරාවි. සෑම නගර සභාවක ප්‍රාදේශීය සභාවකම දිනන පැත්තට ප්‍රසාද මන්ත්‍රි ධූර දෙකක් ලැබෙනවා. ඒකට‍ නම් කරන්නේ සන්ධානයේ මහ ලේකම්. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ පැරදුණු අයට ඇමති ධූර දුන්නා වගේ පැරදුණු දෙන්නෙක් ප්‍රසාද මන්ත්‍රි ධූර වලින් පත් කරලා සභාපති උපසභාපති කරන්න පුළුවන්. ඒ නිසා රෑ වැටුණු වළේ දවල් වැටෙන්න බෑ.“ යැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“මේ සන්ධානය යටතේ තරඟ කරන්න බැරි වුණත් අගමැතිගේ දේශද්‍රෝහි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිට ඇත්තටම කලකිරීමක් තිබෙනවා නම් අපට අළුත් සන්ධානයක් බිහි කරන්න පුළුවන්. ඒ සන්ධානයේ ලේකම් පත් කිරීම වගේම ඉවත් කිරීමත් සාමුහිකව පක්ෂ නායකයින් කළ යුතු දෙයක් මිස සන්ධානයේ නායකයාගේ තනි මතයට කරන්න බෑ කියලා ව්‍යවස්ථාවෙන්ම සහතික වෙන්න ඕනෑ. ජනපති සිරිසේන එජාපය දාලා ඒවි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ඒක ජීවිතය අවදානමට තබන තීන්දුවක්. ජනපති සිරිසේන සහ අගමැති රනිල් බැරල් එකකට බස්සලා ඉන තෙක් කොන්ක්‍රිට් දාලා ගියේ සී අයි ඒ සහ රෝ කියන සංවිධාන දෙක. උඩු කය නිදහස් නිසා දෙන්නාට රණ්ඩු වෙන්න පුළුවන්. නමුත් යටි කය කොන්ක්‍රිට් දාලා නිසා දෙන්නාට වෙන් වෙන්න බෑ. නමුත් ඒ අවදානම ජනපතිතුමන් ගන්න ලෑස්තිනම් අපි ලෑස්තියි රටේ පැත්තෙන් ඒ ආණ්ඩු පෙරළිය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබාදෙන්න.“ යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති සූදානම් නම් ආණ්ඩු පෙරළියකට මහින්ද පිල සූදානම්  
ජනපති සූදානම් නම් ආණ්ඩු පෙරළියකට මහින්ද පිල සූදානම්  
http://ift.tt/2jobPP2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_432.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_432.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy