තමා තවදුරටත් UNP විරෝධී පෙරමුණේ සිටින ඕනෑම අයෙක් සමග සාකච්ඡාකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිය...
තමා තවදුරටත් UNP විරෝධී පෙරමුණේ සිටින ඕනෑම අයෙක් සමග සාකච්ඡාකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත්සභාවල ප්‍රධාන ඇමතිවරුන් සමග අද (22) කළ සාකච්ඡාව අවසානයේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය .
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් සමග ඉදිරියට කටයුතු කළ නොහැකි බවද එතුමා සදහන් කරයි.
මෙම සාකච්ඡාවට එක් වූ මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා පවසා සිටියේ මෙම සාකච්ඡාව මැතිවරණය ඉලක්කකරමින් සිදු නොකළ බවයි.
එසේ වුවද සාකච්ඡා සම්බන්ධ එකඟතාවයක් ඇති නොවුනත් සාකච්ඡා සාර්ථක වූ බව ඔහු කියා සිටියේය.
එහෙත් අද පැවති සාකච්ඡාවේ දී සුපිරි ඇමති කෙනෙකු සම්බන්ධ සාකච්ඡාවක නිරත නොවුණු බව හා සම්මුතිවාදයෙන් යුතුව එකමුතු ගමනක් යා හැකි බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරැ දේවප්‍රිය මහතා පවසයි.
සාකච්ඡාවේ අසාර්ථක බව විස්තර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලැබූ අත්දැකීම් පාදක කර ගනිමින් බලවේගයක් අනුව ඉදිරියට ගමන් කරන බවයි.
COMMENTS