යහපත් සමාජයක් ගොඩනැගීමට නීතිය, ව්‍යවස්ථාව සහ අධිකරණය තුළින් පමණක් හැකියාවක් නොමැති අතර ඒ සඳහා තිබෙන ප‍්‍රබලම ශක්තිය වන්නේ අධ්‍යාත්මික වශයෙ...
යහපත් සමාජයක් ගොඩනැගීමට නීතිය, ව්‍යවස්ථාව සහ අධිකරණය තුළින් පමණක් හැකියාවක් නොමැති අතර ඒ සඳහා තිබෙන ප‍්‍රබලම ශක්තිය වන්නේ අධ්‍යාත්මික වශයෙන් බෞද්ධ දර්ශනය මත පදනම්ව සමාජය පෙළගැස්වීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ දුෂ්කර ප‍්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට පුණ්‍යාධාර පිරිනැමීම වෙනුවෙන් ඊයේ (02) ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.
අඩු පහසුකම් සහිත වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා පිහිටුවන ලද බෞද්ධ පුනරුද අරමුදල යටතේ රුපියල් මිලියන 107 ක මුදලක් මෙලෙස විහාරස්ථාන අතර බෙදාදීම සිදු විය.
සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඉටුකළ යුතු සෑම යුතුකමක්ම ඉටු කිරීමට වත්මන් රජය බැඳී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා මාතෘ භූමිය යහපත් රටක් ලෙස ගොඩනැගීමට එදත්, අදත්, හෙටත් අපගේ මහා සංඝරත්නය ලබාදෙන ගෞරවනීය නායකත්වය කෘතවේදීව සිහිපත් කළේය.
දශක තුනක් පුරා පැවති යුද්ධය හේතුවෙන් විනාශ වු උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාරස්ථානවල මූලික අඩුපාඩු සපුරාලීමට ති‍්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇති බව ද පැවසූ ජනාධිපතිවරයා බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඇතුළු පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් යුත් ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ආරක්ෂක බළකායේ දායකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් මෙම වසරේ සිට ආරම්භ කිරීමට උපදෙස් ලබාදී තිබෙන බව ද කියා සිටියේය.
COMMENTS