දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘අපි කිසිදු ආයෝජනයක් ලංකාවේ කරේ නැහැ‘ -වොක්ස් වැගන් සමාගම නිල වශයෙන් දන්වයි
Homeගොසිප්

‘අපි කිසිදු ආයෝජනයක් ලංකාවේ කරේ නැහැ‘ -වොක්ස් වැගන් සමාගම නිල වශයෙන් දන්වයි

PropellerAds

‘අපි කිසිදු ආයෝජනයක් ලංකාවේ කරේ නැහැ‘ -වොක්ස් වැගන් සමාගම නිල වශයෙන් දන්වයි ජර්මානු තානාපති කාර්යාලයත් ස්ථිර කරලාලු ඊයේ කුලියාපිටිය...

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට - රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්
අර්ජුන් මහේන්ද්‍රන් බෑග් එකක් උස්සන් ඇවිත් පැය හතරහමාරක් කට උත්තර දීලා
මුල්වරට කතානායකට විරෝධය පා - ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවෙන් නැගිට යයි



‘අපි කිසිදු ආයෝජනයක් ලංකාවේ කරේ නැහැ‘
-වොක්ස් වැගන් සමාගම නිල වශයෙන් දන්වයි

ජර්මානු තානාපති කාර්යාලයත් ස්ථිර කරලාලු


ඊයේ කුලියාපිටියේදී ඉදිකිරීම අරඹන්නට යෙදුණු වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ජර්මනියේ වොක්ස්වැගන් සමාගමේ නිෂ්පාදන මෙරටදී එකලස් කිරීමක් සිදුවේද යන්න ගැන මුල සිට සැක මුසු පුවත් මැවී තිබුණ අතර අද සිරස නිවුස් ෆර්ස්ට් මේ ගැන තහවුරු කිරීම සඳහා ජර්මනියේ වොක්ස්වැගන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශයේ කැතරින් හොමන් මහත්මිය  විමසා තිබේ. ඇය පවසා ඇත්තේ සිය සන්නාමය යටතේ මෙරට ආයෝජනයක් සිදු කර නැති
බවකි.
ඊට ප්‍රථම අගමැති රනිල්ගෙන් පාර්ලිමේන්තුවේදී මෙම සැකය ගැන මන්ත්‍රීවරයෙකු කළ ප්‍රශ්න විමසීමකදී අගමැතිවරයා කෙටියෙන් දන්වා තිබුනේ ජර්මනියේ ‘වොක්ස් වැගන්‘ සභාපතිවරයා ලංකාවේ ආයෝජනයට කැමැත්ත දී ඇති නමුත් එක්වරම පැමිණෙන්නේ නැති බවත් සෙනොක් සමාගමට මුලින් ආයෝජනය කරන්නට කියා පසුව ඔවුන්ගේ නිෂ්පාදන සමග එක්වන කතාවකි.
කෙසේ වෙතත් මේ දක්වා ලංකාව සමග ජර්මානු වොක්ස්වැගන් සමාගම කිසිදු සබඳතාවයක් පවත්වා නැති බව ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය තහවුරු කළ බව මාධ්‍යවේදිනී නමිනි විජේදාස සිය ට්විටර් පණිවිඩයකින් දන්වා ඇත.

ඒ අනුව මෙම වොක්ස් වැගන් සමාගම සහ ලංකාව අතර සම්බන්ධය ප්‍රලාපයක් බවට සැකයක් මතුව තිබේ.
ලංකාවේ සෙනොක් සමාගම වොක්ස්වැගන් ලංකාවට ගෙන්වන නියෝජිතයාවී සිටියදී ඔවුන් මෙවැනි කම්හලක් ඇරඹීම නිසා මුලදී ජර්මානු සම්බන්ධය ගැන ඉඟියක් සපයා තිබූ නමුත් මේ ගැන කතාකරන එකදු ජර්මානුවෙකු හෝ සොයාගන්නට නොවන තත්වයක් තුළ හුදෙක් මැතිවරණ පොරොන්දුව ඉටු කරන්නට වොක්ස්වැගන් ඩබ්ලිව් වී අකුරු වලට හුරුව ඇති  ‘අනුකාරක කම්හලක්‘ කුලියාපිටියේ පිහිටුවන්නට යන බවට සැක මතුව තිබේ.

ලංකාවේ නම අභ්‍යවකාශයට යොමු කළ බව කියූ චීන සැටලයිට් කතාවට හා සමාන කතාවක් මෙතැනත් සිද්ධවී ඇති බවට ඒ අනුව සැක මතුව තිබේ.
සිරස නිවුස්ෆර්ස්ට් මේ ගැන අද ප්‍රචාරය කළ පුවත පහතින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘අපි කිසිදු ආයෝජනයක් ලංකාවේ කරේ නැහැ‘ -වොක්ස් වැගන් සමාගම නිල වශයෙන් දන්වයි
‘අපි කිසිදු ආයෝජනයක් ලංකාවේ කරේ නැහැ‘ -වොක්ස් වැගන් සමාගම නිල වශයෙන් දන්වයි
http://ift.tt/2ifbiOT
https://i.ytimg.com/vi/paZVRU3HeD8/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_307.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_307.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy