දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දගේ ස්ථාවරයේ වෙනසක් - ට්විටර් සංවාදයේදී කළ හෙළිදරව්ව
Homeප්‍රවෘත්ති

මහින්දගේ ස්ථාවරයේ වෙනසක් - ට්විටර් සංවාදයේදී කළ හෙළිදරව්ව

PropellerAds

අනාගත නායකයන් පෙරට පැමිණ රට ඉදිරියට ගෙන යෑමට කාලය එළැඹී ඇතැයි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ම...

මහින්දගේ ස්ථාවරයේ වෙනසක් - ට්විටර් සංවාදයේදී කළ හෙළිදරව්ව

අනාගත නායකයන් පෙරට පැමිණ රට ඉදිරියට ගෙන යෑමට කාලය එළැඹී ඇතැයි හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ පැයක ප්‍රශ්නෝත්තර වැඩසටහනකට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට එරෙහිව තරඟ කරන්නේ ද යනුවෙන් හිටපු ජනපතිවරයාට ප්‍රශ්නයක් යොමු කර තිබිණි.   

මහින්ද රාජපක්ෂ මහතාට යොමු කළ ප්‍රශ්නවලින් තෝරාගත් කොටසක් හා ඔහු එම ප්‍රශ්නවලට දුන් පිළිතුරු පහත පරිදි වේ.

ප්‍රශ්නය - ඔබට නැවත රටේ නායකත්වය ලැබුණහොත් අලුතෙන් මොනවාද කරන්නේ?

පිළිතුර - කවුරුන් මේ රට පාලනය කළත් රටේත්, වත්මන් හා අනාගත පරම්පරාවලත් යහපත වෙනුවෙන් නිවැරැදි දේ කළ යුතුයි.

ප්‍රශ්නය - මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කටයුතු කළොත් පක්ෂ අනුශාසක වශයෙන් ඔබ ඔහුට සහයෝගය දෙනවාද ?

පිළිතුර - පක්ෂය ඒ අවස්ථාවේදී ගන්නා තීරණය අනුව මගේ ස්ථාවරයද වෙනස් වෙනවා. 

ප්‍රශ්නය - ඔබේ සහෝදරයෙක් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසෙනවා. එය ඇත්තක් ද ?

පිළිතුර - ව්‍යවස්ථානුකූලව සුදුසුකම් සපුරන ඕනෑම අයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි.

ප්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමට හේතු මොනවාදැයි හඳුනාගත්තා ද ?

පිළිතුර - ඔව්, හේතු රැසක් තිබෙනවා. අපි ඒ පිළිබඳ විශ්ලේෂණය කළා. අපි අනාගතයට සූදානම්. 

ප්‍රශ්නය - ඔබ නැවත බලයට පැමිණීමට සූදානම් ද ? ඒ සඳහා පියවර ගන්නේ කවදාද ? 

පිළිතුර - ජනතාව සූදානම් නම්, එය ඉතා ඉක්මනින් සිදුවේවි. 

තමා ජනපතිවරණයට ඉදිරිපත්වූයේ පැන යෑමට නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. 

"ජාත්‍යන්තර /ආර්ථික අර්බුද හමුවේ ඔබ කළින් ජනපතිවරණයක් කැඳවා ප්‍රශ්ණයෙන් පලාගිය බව ජනපති මෛත්‍රී ඊයේ චෝදනා කළා?" යනුවෙන් හිටපු ජනපතිවරායාගෙන් විමසන ලද ප්‍රශ්නයකට ඔහු ඉහත පිළිතුරු ලබාදුන්නේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ ස්ථාවරයේ වෙනසක් - ට්විටර් සංවාදයේදී කළ හෙළිදරව්ව
මහින්දගේ ස්ථාවරයේ වෙනසක් - ට්විටර් සංවාදයේදී කළ හෙළිදරව්ව
http://ift.tt/2juCObh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_302.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_302.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy