සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල, හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු උපකුලපතිවරුන්ට උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්...
සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල, හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු උපකුලපතිවරුන්ට උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.
දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
එහිදී පසුගිය වර්ෂයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගති සමාලෝචනය සහ මෙම වර්ෂය තුළ දිවයිනේ එක් එක් විශ්වවිද්‍යාල කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙන්ම විශ්වවිද්‍යාල තුළ මතුවුණ ගැටළු විසඳාලීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.
එහිදී හරිත සංකල්ප ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් කැලණිය විශ්වවිද්‍යාලය ලබාගත් ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇගයීමට ලක් කළ බව වාර්තා වේ.
COMMENTS