දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දළදා පෙරහර නිමා කරන බවට සැල කරන උත්සවය ජනපතිගේ ඡන්ද ව්‍යාපෘතියක් කරගෙන - මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!
Homeප්‍රවෘත්ති

දළදා පෙරහර නිමා කරන බවට සැල කරන උත්සවය ජනපතිගේ ඡන්ද ව්‍යාපෘතියක් කරගෙන - මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

PropellerAds

ශ්‍රී දළදා පෙරහර මංගල්ලය නිමා කළ බවට සැළ කරන ගෞරවාගර්භ වූ සම්ප්‍රදායික අවස්ථාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතියක් කරගෙ...

යුක්රේනයෙන් ආවේ නව කොවිඩ් ප්‍රභේදයද? - හඳුනා ගැනීමට පරීක්ෂණ පහසුකම් නැහැ - තුන්වන කොවිඩ් රැල්ල අත ළඟද? - (video)
යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ - සංචාරක ඇමති
විමල්-ජයන්ත ගැන CIDය පරීක්ෂණයක් පටන් ගනී
ශ්‍රී දළදා පෙරහර මංගල්ලය නිමා කළ බවට සැළ කරන ගෞරවාගර්භ වූ සම්ප්‍රදායික අවස්ථාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතියක් කරගෙන ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිළි කර ඇතැයි වාර්තා වේ.

දළදා වහන්සේ සහ දළදා මාළිගාව මුල් කරගෙන මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය ජනතා මුදලින් දියත් වී ඇති බව එම පැමිණිල්ලේ දක්වා ඇත.

පෙරහර නිමා කරන ගාම්භීර අවස්ථාවේ දී කලාව හා පෙරහර සංස්කෘතිය සම්බන්ධ කතාවක් කරමින් මෙම විශිෂ්ට කලා මංගල්ලය සාර්ථක කරගැනීමට උරදුන් සියලුම ශිල්පීන්ට රාජ්‍ය නායකයා ලෙස ස්තුති කරන සම්ප්‍රදායික ගාම්භීර කථාවට තමන්ට දේශපාලන සහයෝගය ඉල්ලන දීර්ඝ දේශපාලන කතාවකුත්  ඈඳා ගෙන තමන්ට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිමින් අවසන් කළ ජනාධිපතිවරයාගේ කථාව සම්බන්ධව ද  විරෝධය පල වී තිබේ.

ඊයේ රාත්‍රියේ රාජ්‍ය නිලධාරීන්, ඇතුළු හය සියයකට ආසන්න පිරිසකට මහවැලි රීච් හෝටලයේ රාත්‍රී භොජන සංග්‍රහයක් පැවැත්වුන අතර සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් ලෙස සිදුවන එම භෝජන සංග්‍රහයත්  සංවෘත එකක් වූ බවත්  ඒ අවස්ථාවට අවසන් පෙරහර උත්සවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් හය දෙනා සම්බන්ධ කරගෙන නැති බවත් වාර්තා වේ.    

පෙරහර අවසන් වග දැන්වීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා වශයෙන් පෙරහට සම්බන්ධ වූ සියලු දෙනාට කෙටි ස්තුතියක් කළ ජනාධිපතිවරයා අනතුරුව සිය දේශපාලන සැලැස්ම ගැන විස්තර කරමින්  ද පැවසුවේය.

“බෝගම්බර ගොඩනැගිල්ල හිල්ටන් සමාගම එක්ක හෝටලයක් ඇති කරනවා. පරණ තැපැල් කාර්යාලය ටාජ් හෝටලය සමග සම්බන්ධ කරගෙන යනවා.”

‘බෝගම්බර හෝටලය ලඟ ඉඩම් කීපයක් තියනවා. අප ඒ සඳහා සංචාරක හෝටල් හැටියට යොදවන්නත් ඊට අමතරව මහනුවර දකුණ ලංගම ඩිපෝවත් ඒ සඳහා යොදවන්න පුලුවන්.”


“අපේ තියන දැනට මහනුවර වෙළඳපල අලුතින් සකස් කරන්නත් නැසී ගිය කෙරි හිල් ගෘහනිර්මාණ ශිල්පියාගේ සමාගමෙන් බෝගම්බර ප්‍රදේශයත්, මාලිගාවත් එකතු කරන්නට ඒ වගේම සැලසුමක් තියනවා. ඒවත් ක්‍රියාත්මක කරන්න තියෙන්නේ.”

“එහෙමනම් මාලිගාව එක අතකින් බෝගම්බර ප්‍රදේශය තව අතකින් දියුණු කරන්නටත්, සම්ප්‍රදායික කලාවත් දියුණු කරන විදිහට අප ක්‍රියා කරගෙන යන්නේ.”

මීට අමතරව ඉතිරි සංචාරක ව්‍යාපෘති  දිගන කුණ්ඩසාලය ප්‍රදේශයේ යොදවන්න බලාපොරොත්තු වෙන්නේ.

මම විශේෂයෙන් ජපානයෙන් ඉල්ලිමක් කරලා තියනවා අපේ මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදරින් නවත්වන්නේ නැතිව කටුගස්තොට වෙනකම් ගෙනෙන්න කියලා.

කටුගස්තොටින් මහනුවර නගරයට එන්න කුණ්සාලේ හිටියට විශාල නාගරික ප්‍රදේශයකට ඇතුළු කරන්න බලාපොරොත්තු වෙනවා.


අපි දැනට පේරාදෙණිය උද්‍යානය ගැන කතා කරනවා. ඒත් අප කිසි විටෙක උඩවත්ත කැලේ ගැන කියන්නේ නෑ. අපි දළදා මාලිගාව පමණක් නෙමෙයි, අපේ සතර දේවාලයටත් සංචාරකයින් පැමිණිලා ආගමික වැඩකටයුතුවලට එක්වීම සඳහාත් ක්‍රියා කරන්න තියනවා.

මහනුවර විශාල මධ්‍යස්ථානයක් හැටියට සැලසුමක් හදාගෙන තියෙන්නේ. එහෙම නගර හතරක් තියනවා. එකක් කොළඹ නරගය, අනික ගාල්ල, අධිවේගී මාර්ගයේ එක් කොටසක තියෙනවා. තුන්වැනි නරගය මහනුවර. ඊට පස්සේ ත්‍රී කුණාමලය.

මේ හතර තමයි ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන හැටියට දියුණු කරන්න තියෙන්නේ.

ඒ නිසා මහනුවර නගරයට සංචාරක වැඩ කටයුතුත් සංස්කෘතික වැඩ කටයුතුත් බෞද්ධ  වැඩ කටයුතුත් සඳහා වෙනම සැලැස්මක් තියනවා. දැනට තියන බෞද්ධ රටවල් 15 විතර හැම එකක් වෙනුවෙන්ම එක් විහාරස්ථානයක් ඇති කරන්න උද්‍යානයක් ඇති කරන්න.

අන්න එතනින් තමයි බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව මහනුවර නගරයේ ඒ ප්‍රදේශයේ ලංකා විශ්වවිද්‍යාලය තමයි ආරම්භ කළේ. අද පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඒ විශ්වවිද්‍යාලය අලුත් වැඩියා කර දියුණු කරන්නටත් දැනට පුද්ගලික විශවවිද්‍යාලයක් SLL අයි.ටී විශ්වවිද්‍යාලය මන්ඩපයක් තියනවා. ඒ එක්කම මෝඩි අගමැති තුමා එක්ක මම කතා කරද්දි එතුමා ප්‍රකාශ කළා චෙන්නායි IIT ආයතනයෙ මණ්ඩපයක් ලංකාවෙ ආරම්භ කරන්න කියලා. මම ඒ සඳහා මහනුවර නම් කරලා යෝජනා කරන්නෙ ගලහා ඒක ආරම්භ කරන්න කියලා.

ජාත්‍යාන්තර විශේෂයෙන්ම දේශගුණ පරිවර්තන විශ්වවිද්‍යාලය කොත්මලේ ඇති කරන්න, ඒ වගේම තවත් ආයතනයක් තියනවා ඉන්ස්ටිටියුට් ඔෆ් ෆන්ඩමෙන්ටල් ස්ටඩිස් කියලා. ඒකත් අපි දියුණු කරන්න ඉන්නේ. අධයාපන අංශයෙනුත් මහනුවර දියුණු කරන්න

මේ සැලසුම් තියෙන්නේ ඊලඟ දශකය තුළ මහනුවර කරන්න තියනවා ප්‍රධාන නගරයක් බවට පත් කරන්න.
ඒකේ කේන්ද්‍රස්ථානය වන්නේ දළදා මාළිගාව සහ දන්තධාතූන් වහන්සේ සම්බන්ධ දේවාල සහ ඒ සංස්කෘතික වැඩ කටයුතු.

මම බලාපොරොත්තු වෙනවා ඒ ගැන ඒ සහයෝගය අපට ලැබෙයි කියලා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දළදා පෙරහර නිමා කරන බවට සැල කරන උත්සවය ජනපතිගේ ඡන්ද ව්‍යාපෘතියක් කරගෙන - මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!
දළදා පෙරහර නිමා කරන බවට සැල කරන උත්සවය ජනපතිගේ ඡන්ද ව්‍යාපෘතියක් කරගෙන - මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuIpzIpNHXmCufZNYNJk8k24oTE9G_T38em3VRl9xIpAYgi-S4CPE_xERxQD7pUiombWfnJI-qGCOux56hnNP6S_C4N5wZGHqKX8FhXdANZZvSYcoD_9fMVas-t3jNo62nKSf6yNPJSA7d_vzxSpcmWPCZ2sZ7patPi-vY0o4ehW3zaAROWUBR8MlLAop0/s320/ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuIpzIpNHXmCufZNYNJk8k24oTE9G_T38em3VRl9xIpAYgi-S4CPE_xERxQD7pUiombWfnJI-qGCOux56hnNP6S_C4N5wZGHqKX8FhXdANZZvSYcoD_9fMVas-t3jNo62nKSf6yNPJSA7d_vzxSpcmWPCZ2sZ7patPi-vY0o4ehW3zaAROWUBR8MlLAop0/s72-c/ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/08/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/08/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy