නීතිඥ නිශාන්ත සඳබරණ ලංකා මහතා ලුණු සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්කර ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරයට පත්කිරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි වා...
නීතිඥ නිශාන්ත සඳබරණ ලංකා මහතා ලුණු සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්කර ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරයට පත්කිරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සහ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාගේ බලපෑම් මත මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරය භාරගන්නා ලෙස අගමැතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිඥ නිශාන්ත සඳබරන මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
ලුණු සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත්කල නිශාන්ත සදබරණගේ ලබන අඟහරුවාදා මාධ්‍ය හමුවක් කැඳවමින් තමන් වෙත පසුගිය සති කිහිපයේ ආණ්ඩුවේ ප්‍රබලයින්ගෙන් එල්ලවූ අනිසි බලපෑම් සම්බන්ධයෙන් කරුණු කාරනා හෙළිදරව් කිරීමේ සුදානමක් ඇතැයි ද වාර්තා වේ.
හම්බන්තොට නගරාධිපතිවරයා විසින් තමන්ට මරණ තර්ජන සහ බියවැද්දීම් කළ බවට නීතිඥ නිශාන්ත සඳබරන පොලිස් මූලස්ථානයට මේවනවිටත් පැමිණිල්ලක් භාර දී ඇත.
COMMENTS