දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බයෝ කරන්න ගිහින් මැට්ස් කරපු අමායා එක වුණ හැටි - උසස් පෙළ ප්‍රථමයන්ගෙ කතා
Homeගොසිප්

බයෝ කරන්න ගිහින් මැට්ස් කරපු අමායා එක වුණ හැටි - උසස් පෙළ ප්‍රථමයන්ගෙ කතා

PropellerAds

බයෝ කරන්න ගිහින් මැට්ස් කරපු අමායා එක වුණ හැටි වෛද්‍ය දෙමාපියන්ගේ ඉන්දිවරී ආර්ට්ස් කර එක වූ හැටි උසස් පෙළ ප්‍රථමයන්ගෙ කතා මෙවර අධ්‍යයන ...

පොලිස් නිලධාරීන් දෙදෙනකුට මැදිවූ රාජගිරීයේ සුරූපී දෙදරු මවට පිහි පහර
මාලිංග කෝටි 16 කට මහේල ට්‍රේන් කරන මුම්බායි පිලට කැඳවලා
යතුරුපැදිකරුවෙකු හැප්පූ ලක්ෂ්මන් යාපා පුත් ඔසඳ යාපා අත්අඩංගුවට
බයෝ කරන්න ගිහින් මැට්ස් කරපු අමායා එක වුණ හැටි
වෛද්‍ය දෙමාපියන්ගේ ඉන්දිවරී ආර්ට්ස් කර එක වූ හැටි

උසස් පෙළ ප්‍රථමයන්ගෙ කතා


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මුළු දිවයිනෙන් ම ප්‍රථම ස්ථාන ලබා ඇති සිසු සිසුවියන් කිහිපදෙනෙකු ගැන විස්තර පහත පරිදිය.
ජීව විද්‍යා විෂය ධාරාවේ ප්‍රථමයා - මාතර රාහුල විද්‍යාලයේ ආර්.ඒ. නිසල් පුන්සර, 

තල්පාවිල කුරුදුවත්ත පාරේ පදිංචි ඔහුගේ පියා වන ආර්.ජී.ආර්.නිහාල්(58) මහතා වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
මාතර කාර්යාලයේ කලමණාකාර සහකාරවරයෙකි.මව එච්.ජී.ජයලතා (51) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ කලමණාකරණ සහකාරවරියකි. එකම සහෝදරිය ආර්.ජී.වයි.හංසිනි (21) කොලඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවියකි.
තම දෙමාපියන් නිවසේ සිට තමාට අධ්‍යයන කටයුතු හොඳින් කරගෙනයාමට අවශ්‍ය පරිසරය සකසා දුන් බව නිසල් සිය ජයග්‍රහණය ගැන අදහස් පළකරමින් දන්වා ඇත.තමා සාමාන්‍ය පෙළ ඒ 8 ක් හා බී 1 ක් ලබා ජයගෙන තිබූ බවත් අනවශ්‍ය ලෙස වෙහෙසී නිදි වර්ජිතව පාඩමේ නොයෙදුණ බවත් නිසල් දන්වා සිටී.

භෞතික විද්‍යා විෂය ධාරාවේ ප්‍රථමයා  - කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ.ඩී.එම්.අමායා ධර්මසිරි

මෙරට උසස් පෙළ විභාග ඉතිහාසයේදී භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ශිෂ්‍යාවක් විසින් හිමිකර ගනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වීමද ඉතිහාසගත සිදුවීමකි. සිසුන් පරදවා සිසුවියක් භෞතික විද්‍යා අංශයේ ප්‍රථමයා වීමද මෙරට විභාග ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකි.
එසේම මලියදේව බාලිකා විදුහල් ඉතිහාසයේද විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානයක්, ප්‍රථම වරට දිනාගත් සිසුවිය ලෙසද අමායා එම විදුහල් ඉතිහාසයේ වාර්තා පොතට එක්ව තිබේ.
අමායා 2013 වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයෙන්ද දිවයිනේ පස්වැනියා ලෙස සමත්වීමද ඇගේ දක්ෂතාවන් මොනවට ඔප්පු කිරීමට කරුණකි. එසේම ඇය පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන්ද ලකුණු 190ක් ලබාගනිමින් දස්කම් පෙන්වා ඇත.
වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ගීතා ධර්මසිරි මහත්මියගේ සහ පුද්ගලික සමාගමක සහකාර සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස කටයුතු කරන ආනන්ද ධර්මසිරි මහතාගේ කණිටු දියණිය වන අමායා ධර්මසිරි සිසුවියගේ එකම සොහායුරියද මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධිය හදාරමින් සිටින තෙවැනි වසරේ සිසුවියකි.
උසස් පෙළ විෂය ආරම්භයේදී ජීව විද්‍යාව මාස 6 කත් පමණ හදාරා වෛද්‍යවරියක වන්නට ඇය අදහස් කර සිටියේ දෙමාපියන්ගේද කැමැත්ත මත වුවත් පසුව පාසලේ මග පෙන්වීම මත ගණිත අංශයට මාරුවීමෙන් පසු ඇය සාර්ථකත්වයට පත්ව තිබේ.
තම අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවරියක වී ලෝකයට අලුත් දෙයක් හඳුන්වා දීම බව ඇය ප්‍රකාශ කළාය.

වාණිජ්‍ය විෂය ධාරාවේ ප්‍රථමයා - කොළඹ ආනන්ද විද්‍යාලයේ එම්.එම්.ඒ.මුදිත අකලංක රාජපක්ෂ,

තමා අරමුණක් අනුව වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය අත්කරගත් බව මුදිත ප්‍රකාශ කර තිබේ. සාමාන්‍ය පෙළ විභාගයේදී කවර ස්ථානයක තමා සිටියත් උසස් පෙළ ගැන වෙනම සිතා ඒ වෙනුවෙන් කැපවී කටයුතු කර විශිෂ්ටයෙකු විය හැකි බවත් ඔහු කියා සිටියේ මෙසේය.
‘නංගිලා මල්ලිලට කියන්න තියෙන්නෙ තමන් මහන්සි වෙන්න. සැලසුමකට වැඩ කරන්න. තමන් පන්තියේ පළවෙනිය වෙන්න පුළුවන් එහෙම නොවී 10 වෙනිය හරි අන්තිමය වෙන්න පුළුවන්. ඒවා අමතක කරන්න. ටාරැ්ගට් එකට වැඩ කරන්න මං අහවල් තැනට යනව කියල. එහෙම කළොත් හොඳ තැනකට එන්න පුළුවන්‘ ලෙසිනි.

කලා විෂය ධාරාවේ ප්‍රථමයා - මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආර්.ඉන්දීවරී ගවරම්මන,

 මහනුවර පියාෂෝ උද්‍යානයේ පදිංචි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහචාර්ය අයි.බී.ගවරම්මන මහතා සහ වෛද්‍ය රුක්මලී ගවරම්මන දෙපලගේ දියණිය වන  රධිනි ඉන්දීවරී මෙවර උසස් පෙළ විභාගයට ප්‍රංශ භාෂාව වෙනුවෙන්ද පෙනී සිටි කෙනෙකි.
 සහෝදරියකගේ සහ සහෝදරයෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වන රධිනි අනාගතයේදී නීතිඥ වෘත්තියට ප්‍රවිශ්ඨවීමට අපේක්ෂා කරන බව පැවසුවාය.
 උසස් පෙළ විභාගය තරමක් අසීරු විභාගයක් වුවත් එය ජීවිතයට කරදරයක් කර ගත යුතු නැහැ. මම වසර ගණනාවක පසුගිය ප්‍රශ්න පත්‍ර සදහා පිළිතුරු ලිව්වා. ඇතැම් විට මම ප්‍රශ්න නිර්මාණය කර ගනිමින් පිළිතුරු සැපයීම කළා. විභාගයේ විවිධ විෂයන් අවසානයේ මම අතපසු වූ දේ පිළිබද කණගාටු වුණේ නැහැ. ඒ සියල්ල අමතක කොට යළි අනෙකුත් විෂයන් සදහා සූදානම් වුණා.
අධ්‍යයන කටයුතු සිදුකරන අතරේ මම චිත්‍රපට නැරඹීම වැනි විනෝදාත්මක දේ කළා. ඒ තුළින් ලෝකයේ රටවල් රැසක් පිළිබද විවිධ තොරතුරු ලබා ගත හැකියි. අපේ රටේ නොමැති වෙනත් රටවල තිබෙන විවිධ තොරතුරු රැසක් මම ඉගෙන ගනු ලැ‍බුවේ අන්තර්ජාතික සම්මාන දිනූ චිත්‍රපට නැරඹීමෙන්.
නීති පිඨයට ගොස් නීතිඥ උපාධිය ලබා ගැනීමට ද අනාගතයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෘත්තියකට ප්‍රවේශවීමට ද අපේක්ෂා කරනවා යැයි ඇය ප්‍රකාශ කළාය.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථමයා - කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ කේ.මලිති ශශිකලා දිල්රංගි,

හත්නාගොඩ කණිෂ්ඨ විද්‍යාලය,රන්වල මහා විද්‍යාලය යන පාසල් වලින් සාපෙළ දක්වා ඉගෙන කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරූ මලිති සිය ජයග්‍රහණයට පාසලේ ලැබුණ පිටුබලය අගය කර ඇත.
ඇගේ මව ගෘහණියක බවත් පියා පුද්ගලික ආයතනයක රැකියාව කරන බවත් මල්ලිලා දෙන්නෙකු සිටින බවත් ඇය පවසයි.
තමා ක්‍රමානුකූලව ඇති කරගත් සැලසුමකට වැඩ කිරීම නිසා ජයගත් බව ඇය පවසා ඇත.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බයෝ කරන්න ගිහින් මැට්ස් කරපු අමායා එක වුණ හැටි - උසස් පෙළ ප්‍රථමයන්ගෙ කතා
බයෝ කරන්න ගිහින් මැට්ස් කරපු අමායා එක වුණ හැටි - උසස් පෙළ ප්‍රථමයන්ගෙ කතා
http://ift.tt/2jsFquv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_118.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_118.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy