දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
A H1N1 වෛරසය පාලනයට සුදානම් - රෝහල් 20ක පරීක්ෂා අඛණ්ඩව
Homeප්‍රවෘත්ති

A H1N1 වෛරසය පාලනයට සුදානම් - රෝහල් 20ක පරීක්ෂා අඛණ්ඩව

PropellerAds

A H1N1 වෛරසය පාලනයට දිවයින පුරා රෝහල් සුදානම් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.    මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග ඒකකයේ රෝගීන...

ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙකුගේ වැය ශීර්ෂ පරද්දන්න සූදානම්... පොහොට්ටුවෙන්ද සහාය!
ඊලඟ දේශපාලන මෙහෙයුම ඇරඹෙයි! පිට පිට රහස් සාකච්ඡා! ප්‍රබල සන්ධාන දෙකක් හැදෙයි!
විමල්ගේ උත්තර ලංකා සභාගයේ රැස්වීමට පහර දෙයි
A H1N1 වෛරසය පාලනයට සුදානම් - රෝහල් 20ක පරීක්ෂා අඛණ්ඩව
A H1N1 වෛරසය පාලනයට දිවයින පුරා රෝහල් සුදානම් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 
 
මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග ඒකකයේ රෝගීන් තිදෙනෙකු මියයාමෙි සිද්ධිය පිළිබදව සොයාබැලිම සදහා වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ඊයේ (14)  මහනුවර මහ රෝහලට ගොස් පරීක්ෂණ කටයුතු සිදු කරන ලදි.
 
එහිදී රෝහලේ නිරික්ෂණ කටයුතු සිදු කළ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් ජයසුන්දර බණ්ඩාර මහතා මෙසේ පැවසී ය.
 
"වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙක් සමග අද මම නුවර මහ රෝහලට පැමිණියා. පසුගිය දිනවල A  H1N1 වෛරසය ආසාදනය වීම නිසා රෝගීන් කිහිප දෙනෙක් මියගියා. ඉන් පසු සෞඛ්‍ය අංශයේ වැඩි අවධානයක් මෙි පිළිබදව යොමු වෙලා තිබෙනවා. එමෙන්ම ජනතාව අතර කිසියම් බියමුසු තත්ත්වයක් ඇතිව තිබෙනවා. දැනටත් මෙම රෝහලේ A  H1N1  වෛරසය ආසාදනය වුනු රෝගීන් 12 ප්‍රතිකාර ලබනවා. මෙි වනවිට මහනුවර මහ රෝහලේ තත්ත්වය ඉතා හොදින් පාලනය කර තිඛෙනවා. මෙම ඇතිවුන තත්ත්වය මම නම් දකින්නේ කාර්යමණ්ඩල තුළත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළත් ඇති වුන ධනාත්මක පියවරක් ලෙසයි.” 
"ලංකාවෙි මෙි ශීත කාලයේ දී A H1N1  වෛරසය ඔිනෑම තැනක දී ආසාදනය විය හැකි දෙයක්. එම වෛරසය තිබෙනවා. සාමාන්‍ය ජනතාවට H1N1 වෛරසය ආසාදනය වෙලා කැස්ස, හෙම්බිරිස්සාව, උණ හැදිලා සමහර වෙලාවට නොදැනුවත්වම සනීප වෙලත් ඇති. හැබැයි විශේෂිත අවධානම් ඇති කණ්ඩායම් වලට එනම් අවුරුදු 02 අඩු දරුවන්, අවුරුදු 65 වැඩි වයස් ගත උදවිය, ගර්භනී මාතාවන්, යම් යම් හේතු නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඌණතාවයන් ඇතිවුන අය, වකුගඩු රෝගීන් වැනි මෙබදු අයට මෙම වෛරසය ආසාදනය වුනොත් සාමාන්‍ය කෙනෙකුට ආසාදනය වුනාට වඩා බරපතල තත්ත්වයක් ඇති විය හැකියි. නිවුමෝනියා තත්ත්වය ද ඇති වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් තමයි මෙම රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයට ඇති වෙලා තිබුනේ. හැබැයි ධනාත්මක පැත්ත තමයි රෝහල් කාර්ය මණ්ඩලය හැකි ඉක්මණින් ඔවුන්ට සාමාන්‍යයෙන් තිබිය හැකි ශ්වසන රෝග තත්ත්වයට වඩා මෙහි විශේෂත්වයක් තිබෙනවා කියන එක සොයා ගෙන එය H1N1බවට දින කිහිපයකක් ඇතුළත තහවුරු කර තිබුනත්, ඊට වඩා ව්‍යාකූල තත්ත්වයකට යා නොදී මෙි වනවිට ඉතාම යහපත් අයුරින් කළමණාකරණය කර තිඛෙනවා. ඒ් සදහා කටයුතු කළ විශේෂඥ වෛදවරුන් ඇතුලු වෛද්‍ය, හෙද සහ අනෙකුත් සෞඛ්‍ය කර්ය මණ්ඩලවලට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඔවුන් පෙන්වපු කැපවීමත් කාර්යක්ෂමතාවත් ගැන.” 
 
"මෙි පිළිබදව මහජනතාවට කියන්න තියෙන්නේ මෙම තත්ත්වය කිසිසේත්ම බිය විය යුතු තත්ත්වයක් නොවෙයි. සාමාන්‍යයෙන් මෙය ප්‍රජාව ගැවසෙන ඔිනෑම තැනක දී කෙනෙකුට වැළදෙන්න පුළුවන්. එහෙම වැළදුනොත් තමන්ට කැස්ස, උණ, සෙමගතිය සමග සැකයක් ඇතිනම් වෛරස් රෝගයක් ආසාදනය වු බවට හොදම දෙය තමයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්න. අත්හදා බැලීම් සිදු කරන්න එපා. වෛද්‍යවරයා තීරණය කරාවි මෙය සරළ ප්‍රතිකාර ක්‍රමයක් මගින් සුව කළ හැකි ද නැතහොත් රෝහලට ඇතුලත් විය යුතු ද යන්න. එමෙන්ම රෝහලකට ඇතුල් වුවහොත් මහනුවර මහ රෝහල පමණක් නොවෙයි ලංකාවෙි අනෙක් සියළු රෝහල් ද මෙි සදහා සුදානම් තර තිඛෙනවා. ඔිනෑම ආසාධිතයෙක් පැමිණියහොත් ප්‍රතිකාර කරන්න.“ 
 
"එමෙන්ම මෙි රෝගය මෙි අයුරින් උත්සන්න වුවා හෝ නොවුනා හෝ මෙි මුළු කාලය පුරාම H1N1 වෛරසය පිළිබදව ආවෙික්ෂණ ක්‍රියාවලික් සිදුවෙනවා. ලංකාවෙි රෝහල් 20 කින් නිරන්තරයෙන් නියැදි ලබාගෙන H1N1 වෛරසයේ ව්‍යාප්තිය පිළිබද නිරන්තරයෙන් අධ්‍යයනය කරනවා. මෙම ඇති වූ තත්ත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතිවු ඌණතා සහ දුර්වල රෝගීන්ට ආසාදනය වීම නිසා ඇති වූ තත්ත්වයක් එම තත්ත්වය මේ වනවිට සම්පුර්ණයෙන් පාලනය වෙලා තිබෙනවා. එමෙන්ම සංකූලතා ඇතිවිය හැකි විශේෂිත කණ්ඩායම් වලට එනම් අවධානම් ඇති කණ්ඩායම් වලට අවුරුදු 02 අඩු දරුවන්, අවුරුදු 65 වැඩි වයස් ගත උදවිය, ගර්භනී මාතාවන්, යම් යම් හේතු නිසා ප්‍රතිසංස්කරණ පද්ධතියට ඌණතාවයන් ඇතිවුන පිරිස්, වකුගඩු රෝගීන්, මෙබදු අය මෙි දිනවල සෙනග ගැවසෙන ස්ථාන වලට යැමෙන් වළකින්න. මහනුවර රෝහලේ රෝගීන් ඉන්නවා කියලා ඒ රෝගීන් බලන්න එන්න එපා. ඔබට ආසාදනය වනවාටත් වඩා මෙය ආසාදනය වෙලා දුර්වල වෙලා ඉන්න අයට ඔබ වෙනත් වෛරසයක් හෝ බැක්ටිීරියාවක් ගෙනත් දුනහොත් ඒ අයගේ තත්ත්වය තවත් උත්සන්න විය හැකියි.” යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: A H1N1 වෛරසය පාලනයට සුදානම් - රෝහල් 20ක පරීක්ෂා අඛණ්ඩව
A H1N1 වෛරසය පාලනයට සුදානම් - රෝහල් 20ක පරීක්ෂා අඛණ්ඩව
http://ift.tt/2jcFk76
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/a-h1n1-20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/a-h1n1-20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy