දඹුල්ල හබරණ මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී අද (30) දින අලුයම 5 ටපමණ පුද්ගලික මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරලීයාමෙන් රථයේ ගමන්...
දඹුල්ල හබරණ මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී අද (30) දින අලුයම 5 ටපමණ පුද්ගලික මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරලීයාමෙන් රථයේ ගමන් ගත් මගින් 15 ක තුවාල ලබා දඹුල්ල හා හබරණ රෝහල් වලට ඇතුලත් කර තිබෙන බව සීගිරිය පොලිසිය පවසයි.
කදුරුවෙල සිට මහනුවර බලා ධාවනයවූ බස් රථයක් මෙසේ අනතුරට ලක්වී ඇත. වර්ෂාවත් සමග බස් රථය ලිස්සා ගොස් පෙරලුන බවත් බස් රථයේ මගින් 15 ක් පමණ සිටි බවත් එහි කොන්දොස්තොර මහතා පැවසීය.
පොලොන්නරුව දෙසින් පැමිණි බස් රථය මාර්ගය අසල තිබුණු දුරකථන රැහැන් කනුවක්ද කඩාගෙන බෝක්කුවක හැපී ප්‍රතිවිරුද්ධ දෙසට හැරී උඩුකුරුව පෙරළී තිබෙන බව පොලිසිය කියයි.
දඹුල්ල රෝහලට ඇතුලත් කල රෝගීන්ගෙන් තිදෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
බොහෝ දෙනකු නින්දේ පසුවූ බවත් එකවරම බස් රථය පෙරලෙද්දී අවදි වූ බවත් තුවාල කරුවෝ සඳහන් කරති.
මේ අතර බස් රථයෙන් එලියට ගත් තුවාල කරුවන් රෝහල් වලට රැගෙන යාම සදහා ප්‍රමාද වුයේ මාර්ගයේ ගමන් ගත් බොහෝ වාහන නොනවත්වා ධාවනය කිරීම නිසා බව කණස්සලකින් යුතුව මඟියෙකු පැවසීය.
අනතුරින් බස් රථයේ රියදුරු හා කොන්දොස්තර වරයාද තුවාල ලැබුවන් අතර වෙති.
අනතුර සිදුවූ විගස සීගිරිය පොලිසියේ ස්ථානාධිපති සාලිය ගන්දරවත්ත මහතා ඇතුළු පොලිස් නිලධාරින් පැමිණ මගීන්ගේ බඩු භාණ්ඩ ආරක්ෂාකාරී කළහ. අනතුර පිළිබඳව සිගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.
- කන්චන ආරියදාස -
COMMENTS