2017 වර්ෂය තුළ විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවස...
2017 වර්ෂය තුළ විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
නව වර්ෂයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා විදේශ රැකියා අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් පසුගිය 02 වැනිදා ඇය මේ බව සඳහන් කළාය.
‘මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්‘ යන තේමාව යටතේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති මාලාවට අනුව විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වාදීමට දුන් පොරොන්දුව නව වසරේ කි‍්‍රයාත්මක කිරීමට හැකිවීම පිළිබඳව සතුටුවන බවත් මෙම ප‍්‍රතිපත්ති මාලාවේ විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් ලබාදුන් පොරොන්දු තුනෙන් දෙකක් මේ වන විට ඉටුකිරීමට හැකිවී තිබෙන බවත් අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.
ඒ අනුව පසුගිය 2016 වසරේ ජනවාරි මස 08 දින කි‍්‍රයාත්මක කළ ශ‍්‍රමික සුරැකුම වැඩසටහන, තවදුරටත් විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් කි‍්‍රයාත්මක කරන බවත්, ඒ හරහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිළධාරීන්ට ලබාදුන් වගකීම තවදුරටත් ලබාදෙමින් කටයුතු කිරීමට සූදානම් බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
COMMENTS