දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2017 ජන. 09 සිට ජන. 16 දක්වා සතියේ පලාපල
Homeගොසිප්

2017 ජන. 09 සිට ජන. 16 දක්වා සතියේ පලාපල

PropellerAds

මේෂ ඔබේ ලග්නාධිපති කුජ සහ සිකුරු එකොළහේ ද සඳු ලග්නයේ ද ගමන් කරමින් සිටියදී උදාවන මෙම සතිය මිශ්‍රපලදායක බව පෙනේ. ගෘහ ජීවිතය සුබපලදායකයි. ...

මරදානේදී හැප්පුණු කාර් එකේ කේ.ජී. කිලෝ 70ක්
රත්ගම අතුරුදන් දෙදෙනා පොලිසියෙන් මරා පිළිස්සූ බවට නිර්නාමික ලිපියක්
මියගිය පෙම්වතියට නැවත පණ දුන්නු අපූරු විකිරණ වෛද්‍යවරයා

මේෂ

ඔබේ ලග්නාධිපති කුජ සහ සිකුරු එකොළහේ ද සඳු ලග්නයේ ද ගමන් කරමින් සිටියදී උදාවන මෙම සතිය මිශ්‍රපලදායක බව පෙනේ. ගෘහ ජීවිතය සුබපලදායකයි. පවුලේ අය ගැන වැඩියෙන් අවධානය යෙදේ.
මවුපියන්ට සැලකීම ගැන හිත යොමුවේ. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්‌ථා උදාවේ. රැකියා හෝ ව්‍යාපාරවල සේවක ගැටලු නිසා සිත්තැවුල් ඇතිවිය හැකියි. අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගත හැකි වේ. පසුගිය දිනවල පැවති ගැටලුවකට විසඳුම් ලැබේ. සති අන්තය ධන ලාභයක්‌ ලැබීමට හේතුයි. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතු සාර්ථක වේ. සෙනසුරු දශා ගත කරන අය ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න.

සුබ පාට සුදු රෝස සුබ අංක 2 3

වෘෂභ

ලග්නාධිපති සිකුරු සහ කුජ දහයේ ගමන් කරමින් උදාවන මෙම සතියේ හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. රැකියා කටයුතු සතුටින් කරගත හැකි වේ. විවාහ සහකරුට දුර ගමනක්‌ යෙදීමට ඉඩ තිබේ. උත්සාහය ධෛර්ය වැඩිවේ. නිවසේ වැඩිහිටියෙකුට අපලදායකයි. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන අයුරින් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි. නීතිමය ලියකියවිලිවලට අත්සන් තබන විට දුරදිග බලා කටයුතු කරන්න. ඉඩම් ගෙවල් පිළිබඳව සිත්තැවුලක්‌ හෝ නීතිමය ප්‍රශ්නයක්‌ ඇතිවීමට ඉඩ ඇත. සතිය ආරම්භයේදී විදේශ ගමන්වලට සුබයි. සතිය මැද වනවිට බලාපොරොත්තු සාර්ථක වේ. අසල්වාසීන් සමඟ සතුටින් කාලය ගත වේ. ආදායම් සතුටුදායක වේ. ප්‍රයෝජනවත් ගමනක්‌ යැමට සිදුවේ.

සුබ පාට සුදු මිශ්‍ර ලා සුබ අංක 2 6

මිථුන

ඔබේ ලග්නාධිපති බුධ සමඟ රවි හත්වැන්නේ ද සඳු එකොළහේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝදුරට සුබපලදායක බව පෙනේ. ව්‍යාපාරවලින් ලැබෙන ආදායම සතුටුදායක වේ. හිතේ සතුට ඇති වේ. නීතිමය අංශවලින් අවශ්‍ය උපකාර ලබාගත හැකි වේ. විවාහ සහකරුට සුබපලදායකයි. දරුවන් පිළිබඳ සතුටු වියහැකි ආරංචි ලැබේ. සතුරු කරදරවලින් ජය ගත හැකි වේ. සේවක සහයෝගය මැනවින් ලැබේ. විදේශ රැකියා බලාපොරොත්තු ගැන තිබූ බාධා ඉවත් වේ. සතිය අග වන විට වියදම් තරමක්‌ දුරට ඉහළ යයි. තැන්පත් මුදලක්‌ පවා වැයවීමට ඉඩ තිබේ. මිථුන හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුකු සාර්ථක කරගත හැකි වේ. මව්පියන්ට සුබයි. සෙනසුරු දශා ගතකරන අය සතුරු උපද්‍රවවලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට ලාකොළ, සුදු සුබ අංක 2 4

කටක

ලග්නාධිපති ස`දු දහවැන්නේ ද, රවි බුධ හයවැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායකයි. ගෘහ ජීවිතයේ සතුටට බාධා විය හැකිය. නිවසින් පිටත නිතර යාමට සිදුවේ. එය ද දියුණුව වෙනුවෙන් කරන කටයුතුවලට විය හැකියි. හිතවත්ව සිටි මිතුරෙකු හෝ මිතුරියක අමනාපවීමට ඉඩ තිබේ. සහෝදරයෙකු නිසා සිත් තැවුලක්‌ ඇතිවිය හැකියි. ව්‍යාපාරවලින් බලාපොරොත්තු වන ආදායම නොලැබී යා හැකියි. විවාහ මංගල යෝජනා පිළිබඳව කටයුතුවලට ද මේ සතිය සුබ නොවේ. විනෝදයට අනවශ්‍ය ලෙස නැඹුරුවීම නිසා තත්ත්වයට හානි සිදුවිය හැකියි. එහෙත් උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. ණය පහසුකම් ලබාගත හැකි වේ. ශරීර සනීපයට බාධා සහිතයි. වැටීම්, තැළීම්, සීරීම් හා හදිසි අනතුරුවලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට සුදු කහ සුබ අංක 2 5

සිංහ

ඔබේ ලග්නාධිපති රවි සහ බුධ පස්‌වැන්නේ ද සඳු නම වැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය මුලදී හිතේ සහනය ඇති වේ. අසනීපයකින් සුවය ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඇති උනන්දුව වැඩි වේ. සහෝදරයෙකුගේ විවාහ ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලට අමතර වියදමක්‌ යෙදුණත් ඒවායින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිවේ. සතිය මැද වන විට විදේශ රැකියා අපේකෂාවන් ඉටුකරගත හැකි වේ. ආදායම සතුටුදායකයි. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. එහෙත් නිවාස ඉදිකිරීම් හා මංගල කටයුතුවලට මෙම සතිය සුබ නොවේ. රාහු දශා ගතකරන අයට හිතේ චංචල බව, වියදම් අධික වීම හා නිෂ්ඵල ගමන් යෙදිය හැකියි.

සුබ පාට සුදු ලාකොළ සුබ අංක 2 4

කන්‍යා

ඔබේ ලග්නාධිපති බුධ රවි සමඟ හතරවැන්නේ ද සඳු අටවැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේදී බොහෝ හිතවත්ව සිටි මිතුරෙකු අමනාපවීමට ඉඩ තිබේ. සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇති වීමට ද හේතුයි. වතුරෙන් විපත් ඇතිවිය හැකි නිසා ජල ක්‍රීඩාවලදී ප්‍රවේශම් වන්න. පවුලේ දියුණුව ගැන කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි වේ. බිරිඳ හෝ සැමියා සමඟ තිබූ අමනාපකම් දුරුවී සුහදතාවය වර්ධනය වේ. දරුවන්ගේ දියුණුවට කරුණු යෙදේ. අසනීපයක්‌ වෙනුවෙන් අමතර වියදමක්‌ දැරීමට සිදුවේ. සතිය මුලදී පැවති ගැටලු සතිය අග වන විට බොහෝ දුරට විසඳී යනවා ඇත.

සුබ පාට ලාකොළ, කහ සුබ අංක 4 5

තුළා

ලග්නාධිපති සිකුරු සමඟ කුජ පස්‌වැන්නේ ද සඳු හතේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය සුබාසුබ මිශ්‍ර බව පෙන්වයි. පෙම්වතුන්ට සුබපලදායකයි. මංගල යෝජනා සාර්ථක වේ. විනෝදයෙන් කාලය ගතවේ. මේ නිසා ඔබේ අධ්‍යාපන කටයුතුවලට ද බාධා වීමට ඉඩ තිබෙන බව මතක තබාගන්නේ නම් මැනවි. ගෘහ ජීවිතය බොහෝ දුරට සුබපලදායක වේ. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. සතිය මැද දී රැකියා හෝ ව්‍යාපාර අංශවල තරමක බාධා ඇතිකරන බව පෙනේ. දරුවෙකු වෙනුවෙන් අමතර වියදමක්‌ දරන්නට සිදුවේ. ලිපි ලේඛනවලට අත්සන් තැබීමට සුබයි. උත්සාහය ධෛර්යය ඉහළ යයි. සහෝදරයෙකුගේ දියුණුවට උස්‌ කෙනකුගේ උදව් උපකාර ලැබේ.

සුබ පාට ලාකොළ, මිශ්‍ර පාට සුබ අංක 4 6

වෘශ්චික

ඔබේ ලග්නාධිපති කුජ, සිකුරු සමඟ හතරේ ද, සඳු හයේ ද ගමන් කරමින් මෙම සතිය උදාවන්නේය. සේවක පක්‍ෂයේ සහයෝගය මැනවින් ලැබේ. නිවසේ සුරතල් සතුන් ගැන විශේෂ සැලකිල්ල යොමු වේ. බලාපොරොත්තු වූ ණය මුදල් ලබාගත හැකි වේ. ගෘහ ජීවිතය සුබපලදායකයි. යහපත් අයගේ ඇසුර ලැබේ. ආදායම් සතුටුදායක බව ද පෙනේ. දරුවෙකුගේ දියුණුවට කරන කටයුත්තක්‌ සාර්ථක වේ. අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යැමට හැකියාව ලැබේ. සෙනසුරු දශා ගතකරන අයට තරමක්‌ අපලදායකයි. සෞඛ්‍ය රැකගන්න.

සුබ පාට සුදු කහ සුබ අංක 2 5





ධනු

ඔබේ ලග්නාධිපති ගුරු දසවැන්නේ ද, රවි බුධ ලග්නයේ ද, සඳු පහේ ද ගමන් කරමින් සතිය උදාවෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු මනාව කරගෙන යැමට හැකි වේ. විභාගවලින් සාමාර්ථ වේ. රැකියා අංශවල ප්‍රධානීන්ගේ උදව් උපකාර ලැබේ. රැකියා හෝ ව්‍යාපාර සතුටින් කරගෙන යැමට හැකියි. දියුණුවට කරන කටයුතු වෙනුවෙන් නිතර නිවසින් බැහැරව කාලය ගතවේ. ආදායම් තත්ත්වය සතුටුදායක බව පෙනේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකි වේ. දරුවෙකුගේ අසනීපයක්‌ වෙනුවෙන් අමතර වෙහෙසක්‌ දරන්නට සිදුවේ. මංගල යෝජනා හෝ පෙම් සබඳතාවලට තරමක බාධා පවතී. විදේශ ගමන්වලට කරදර සහිතයි. කෙසේ නමුත් මෙම සතිය තුළ ඔබේ බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගැනීමට හැකි බව පෙනේ.

සුබ පාට දිලෙන සුදු කහ සුබ අංක 1 5

මකර

ඔබේ ලග්නාධිපති ශනි එකොළහේ ද සඳු හතරේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය ගෘහ ජීවිතය සතුටුදායක බවක්‌ පෙන්වයි. බිරිඳ හෝ සැමියා සමඟ පවතින සුහදතාව වර්ධනය වේ. පවුලේ සමඟිය ඇති වේ. අවිවාහක අයට මංගල යෝජනා ලැබේ. මව්පියන්ට සුබයි. හිතේ කරුණාව දයාව වැඩිවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. මේ අතර මෙම සතිය තුළ නීතිමය ගැටලු ඇතිවීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න. විදේශ ගමනකට බාධා පවතී. සේවක පක්‌ෂයේ සහයෝගය මැනවින් ලබාගැනීමට හැකි වන බව ද පෙනේ. ආයෝජනවලින් ලාබ ලැබෙන නමුදු වියදම් ද ඉහළ යන බව පෙනේ. රාහු දශා ගතකරන අය ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න.

සුබ පාට නිල් ලා කොළ සුබ අංක 4 7

කුම්භ

ඔබේ ලග්නාධිපති සෙනසුරු දහවැන්නේ ද සඳු තුන්වැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය තුළ නීතිමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වේ. රැකියා ප්‍රධානීන්ගේ ද, උසස්‌ අයගේ ද උදව් උපකාර ලබාගත හැකි වේ. බිරිඳ හෝ සැමියාගේ රැකියා ගැටලුවකට විසඳුම් ලැබේ. මේ අතර පවුලේ වියදම් ඉහළ යන බව ද ආදායම් මාර්ගවලට බාධා ඇතිවන බව ද පෙන්වයි. රැකියා අංශවල සේවක පක්‌ෂය නිසා තරමක ගැටලු ඇතිවිය හැකියි. ගෙවල් ඉඩම් පිළිබඳව දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකි වේ. අසල්වාසීන් හා සහෝදරයන් සමඟ පවතින සබඳතා අලුත් වේ. ඒ අය සමග සතුටින් කාලය ගත වේ. දියවැඩියාව, කොලොස්‌ටරෝල් වැනි රෝගවලින් ප්‍රවේශම් වෙන්න.

සුබ පාට නිල් මිශ්‍ර ලා පාට සුබ අංක 6 7

මීන

ඔබේ ලග්නාධිපති ගුරු හත්aවැන්නේ ද සඳු දෙකේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායකයි. රැකියා හෝ ව්‍යාපාර ආශ්‍රිතව පවතින ගැටලුවලට විසඳුම් ලබාගැනීමට උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌වීම්වලට ද හේතුයි. රැකියා නැති අයට රැකියා ලාබ ලබාගැනීමට හැකි වේ. අධ්‍යාපන කටයුතුවලට පහසුකම් සැලසේ. සතිය මැද වන විට ලිපි ලේඛන හෝ ශාස්‌ත්‍රීය කටයුතුවලට සුබයි. කෙසේ නමුදු පවුලේ වියදම් ඉහළ යයි. තැන්පත් මුදලක්‌ වැයකිරීමට ද සිදුවන බව පෙනේ. සහෝදරයෙකුගේ විදේශ ගමන් සාර්ථක වීමට කරුණු යෙදේ. විවාහ සහකරුට සුබයි.

සුබ පාට කහ සුදු සුබ අංක 2 5

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2017 ජන. 09 සිට ජන. 16 දක්වා සතියේ පලාපල
2017 ජන. 09 සිට ජන. 16 දක්වා සතියේ පලාපල
http://ift.tt/2iWkfQI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/2017-09-16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/2017-09-16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy