දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2017 ජන. 01 සිට ජන. 08 දක්වා සතියේ පලාපල
Homeගොසිප්

2017 ජන. 01 සිට ජන. 08 දක්වා සතියේ පලාපල

PropellerAds

2017 ජන. 01 සිට ජන. 08 දක්වා සතියේ පලාපල මේෂ – කටයුතු සපල වේ යම් යම් බාධා අවහිරතා ඉස්මතු වුවද, ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ වෘත්තීය සහ ර...

පොලිස්පති සර් කිව්වෙ ඇමති සාගලටද? නිලමේ යනු මහේෂ් ගුණසේකරද?
වව්චර් වෙනුවට රෙදි බෙදූ විදුහල්පතිනියට වැඩ වරදී‍
දුම්රිය වර්ජනය නවතී
2017 ජන. 01 සිට ජන. 08 දක්වා සතියේ පලාපල

මේෂ – කටයුතු සපල වේ
යම් යම් බාධා අවහිරතා ඉස්මතු වුවද, ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා
කටයුතු කරගෙන යාමේදී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. අලුතෙන් ආරම්භ කරන කටයුතු
කිහිපයක්ම සාර්ථක වේ. බලා‍පොරොත්තු, අදහස් කිහිපයක්ම සාර්ථක වේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන්

ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදාකරයි. ගෙදරදොර
කටයුතු යහපත් වේ. සමගිය, සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත් වනු ඇත.
අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාවක් සැලසේ. කෙටිකාලීන වශයෙන්
ගමන් බිමන් ඇති කරයි. වැඩිහිටි අයගේ ආධාරය, උපකාරය තමාට ලැබෙනු ඇත.
ජය වර්ණය : රතු, ජය අංකය :09

වෘෂභ – මිශ්‍රපලයි
පවත්නා ග්‍රහ ගෝචර තත්ත්වයන් තුළ තම කටයුතු කර ගෙන යාමේදී විටින් විට අවහිරතා බාධා එල්ල වනු
ඇත. එම නිසා තරමක් විමසිලිමත්වද, බුද්ධිමත්වද තම කටයුතුවල යෙදිය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා
කටයුතු කරගෙන යාමේදී ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට තරමක් අපහසු
වේ. එම නිසා ඉතාමත් උනන්දුවෙන්ද, කැපවීමෙන්ද යුතුව ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය
වශයෙන් කිසියම් සාර්ථක බවක් පෙන්නුවද, අනපේක්ෂිතව හටගන්නා සිද්ධීන් තුළ මිල මුදල් ඉතිරිකර ගැනීම
තරමක් අසීරුය. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන්
සැලකිලිමත් විය යුතුයි. ගමන් බිමන් අධිකයි. තම සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය : නිල්, ජය අංකය : 06

මිථුන – බලා‍පොරොත්තු ඉටුවේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැ බිම තුළ තමාගේ
වැඩකටයුතු ලෙහෙසියෙන්ද, පහසුවෙන්ද ඉටුකරගත හැක. මිල මුදල් ලැබිම තුළින් වුවද සාර්ථක
ප්‍රතිඵලයක් උදාකර ගනී. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමු වීම තුළින් ආදායම් මාර්ග කීපයක්ම සාර්ථක වේ.
ගෙදර දොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. සමගිය, සාමයට එතරම්ම බාධා අවහිරතා එල්ල
නොවේ. දරුවන්ගේ කටයුතු ද එතරම් කරදරයකින් තොරව සිදුවනු ඇත. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට
අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. ආගමික සහ සමාජයීය කටයුතුවලට හිත යොමු වන අතර ඒ තුළින්
සහනයක්ද, සැනසීමක්ද උදාකරගනු ඇත.
ජය වර්ණය: කොළ, ජය අංකය : 05

කටක – සමපලදායකයි
පවතින ග්‍රහ ගෝචරයන් තුළ ඔබගේ කටයුතුවලදී යම් යම් බාධා ප්‍රමාදවීම් ඉස්මතු කළ හැකි නිසා
කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුය. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතාවන් ඉස්මතු විය හැකි
බැවිනි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී වුවද, බුද්ධිමත් වන්න. ආර්ථික සහ මූල්‍යමය
වශයෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණද මිල මුදල් ඉතිරිකර ගැනීම අපහසු වේ. අනපේක්ෂිත සිද්ධීන්
තුළ අනවශ්‍ය වියදම් ඇතිවිය හැකි බැවිනි. ගෙදරදොර කටයුතු, යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී
ඉවසීමෙන්ද, බුද්ධිමත්වද, ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත්
වැය වේ. තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය : ක්‍රීම් පාට, ජය අංකය :02

සිංහ – කාර්යබහුලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී කාර්යබහුලත්වය පැවතීම තුළ විටෙක අත්‍යවශ්‍ය කටයුතු
කිහිපයක් මග හැරී යාමේ ඉඩක් පවතින නිසා කල්පනාකාරී විය යුතුයි. ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී
විශේෂයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම් යහපත් නැත. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම්
මාර්ග වර්ධනය කළ හැක. විටෙක වෙහෙස මහන්සි වී කටයුතුවල යෙදේ. ගෙදර දොර කටයුතු
සාමාන්‍යයි. එදිනෙදා කටයුතු වැඩි කලබලයකින් තොරව ඉටුවේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය
යුතුයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නියුක්ත අයට යහපත්ය. අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. ගමන් බිමන්
තරමක් අධිකයි.
ජය වර්ණය : රෝස, ජය අංකය : 01

කන්‍යා – මිශ්‍රපලයි
පවතින ග්‍රහ ගෝචරයන් තුළ තමාගේ වැඩකටයුතු වලදී ඔබ සිතන පතන ආකාරයටම සාර්ථක ප්‍රතිඵලයක්
උදා නොවනු ඇත. විටෙක අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලා‍පොරොත්තු වන අන්දමට ඉටු නොවේ. වෘත්තීය
සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. කිසියම් මට්ටමකට සැලසුම් අනුව සිදු වේ. මිල මුදල් ලැබිම අතින්
අයහපත් නොවේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ගෙන දේ. ගෙදරදොර සහ යුගදිවිය
සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.
අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. විදේශීය සම්බන්ධතා
මත කරන කටයුතු කිහිපයක්ම සාර්ථක ප්‍රතිඵල ගෙන දේ.
ජය වර්ණය : කොළ, ජය අංකය :05

තුලා – ශුභාශුභ මිශ්‍රයි
දැනට පවත්නා ග්‍රහ ගෝචර තත්ත්වය තුළ සෙනසුරු, ගුරු ගමන එතරම් යහපත් නොවේ. තම වැඩකටයුතු
කර ගෙන යාමේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කරනු ඇත.
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් බුද්ධිමත් වන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන්
එතරම්ම ශුභදායක නොවේ. ආදායම් ලැබුණද, වියදම් පක්ෂයද ඉහළ යයි. ගෙදරදොර කටයුතු යහපත්ය.
සමගිය, සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුත්තේය.
අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සාර්ථක ප්‍රතිඵල උදා කරයි. විදේශීය සම්බන්ධතා මත කරන
කටයුතු කිහිපයක්ම සාර්ථක වේ.
ජය වර්ණය : නිල්, ජය අංකය :06

වෘශ්චික – දියුණුවක් ලබයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට සුළු සුළු බාධා අවහිරතා එල්ල වුවත් ඒවා
මැඬ පවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කරගනු ඇත. උසස් නිලධාරින්ගේ සහයෝගය ඔබට ලැබේ.
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් ශුභදායකයි.
ලාභ ප්‍රයෝජන සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය, සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ.
දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශයේ නියුක්ත වී
සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය : රතු, ජය අංකය : 09

ධනු – මිශ්‍රපලයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වනු ඇත. විවිධ අංශවලට යොමුවීම තුළ තම වැඩකටයුතු සාර්ථක
වී ලාභ ප්‍රයෝජන ද අත්පත් කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදීසිටින අයට යහපත්ය. වෘත්තීය සහ
රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සුළු සුළු බාධා අවහිරතා ගැටලු ඉස්මතු වුවද, තමාගේ උත්සාහය
සහ කැපවීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. ගෙදර දොර කටයුතු යහපත්වේ. සමගිය,
සාමය සුරක්ෂිතයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට
ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක්ද උදාකරගත හැක. ගමන් බිමන් අධිකයි.
සමාජයීය සහ ආගමික අංශයේ කටයුතුවලට වැඩි නැඹුරුවක් වේ.
ජය වර්ණය : රන්වන්, ජය අංකය : 03

මකර – ලාභ ලැබේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ සහයෝගය ආධාරය, උපකාරය ලැබිම තුළ
තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට
යහපත්ය. අලුත් කටයුතු කිහිපයක්ම සාර්ථක ලෙස කරගත හැක. මිල මුදල් ලැබිම අතින් ශුභදායකයි. විවිධ
ක්‍ෂේත්‍රයන්ට යොමුවී ආර්ථික වාසි ලබා ගනී, ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ.
සමගිය, සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන ක්‍ෂේත්‍රයන්හි
නියුක්ත අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. ආගමික අංශයට
වැඩි නැඹුරුවක් ගෙන දේ.
ජය වර්ණය: නිල්, ජය අංකය :08

කුම්භ – උත්සාහයේ ප්‍රතිඵල ලැබේ
පවත්නා ග්‍රහ ගෝචරයන් තුළ තමාගේ බොහෝ වැඩකටයුතු වැඩි මහන්සියකින් තොරවම සාර්ථක ප්‍රතිඵලයක්
උදාකරගත හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල සාර්ථක ප්‍රතිඵල ගෙන දේ. විවිධ අංශයන්ට
යොමුවීම තුළ ප්‍රගතියක් අත්පත් වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ඉතා ශුභයි. ගෙදරදොර
කටයුතු යහපත්ය. සමගිය, සාමයට එතරම් බාධා, අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක
වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු සාර්ථක වේ.
ගමන් බිමන් අධිකයි. ආගමික හා සමාජයීය වැඩකටයුතුවලට වැඩි නැඹුරුවක් ගෙන දේ.
ජය වර්ණය : නිල්, ජය අංකය :06

මීන – සමපලයි
පවත්නා ග්‍රහ ගෝචර තත්ත්වයන් තුළ තමාගේ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා,
අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක්
උදාකරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. තමාගේ වියදමට සරිලන ආදායමක්
ලැබේ. කෙසේ වුවත් ස්වකීය උත්සාහය තුළ සාර්ථක බවක් ලබයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්,
ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව
සැලසේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන
ඉතා ප්‍රවේශම් වන්න.
ජය වර්ණය : රන්වන්, ජය අංකය :03

– ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී ජී.ඇම්. ගුණපාල –
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2017 ජන. 01 සිට ජන. 08 දක්වා සතියේ පලාපල
2017 ජන. 01 සිට ජන. 08 දක්වා සතියේ පලාපල
http://ift.tt/2gqwJdW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/2017-01-08.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/2017-01-08.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy