119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකථන ජාලය ලබන 09 වැනිදා අලුත්වැඩියා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. අළුයම 04.00 සිට උදෑසන 06.00...
119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකථන ජාලය ලබන 09 වැනිදා අලුත්වැඩියා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
අළුයම 04.00 සිට උදෑසන 06.00 දක්වා පැය දෙකක කාලයක් එම දුරකථන ජාලයේ අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකථන ජාලයේ වරින් වර ඇතිවන දෝෂ තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහා එය අලුත්වැඩියා කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 09 වනදා අළුයම 04.00 සිට උදෑසන 06.00 දක්වා කාලය තුළ 119 හදිසි ඇමතුම් ජාලය සම්පුර්ණයෙන්ම ක්‍රියාවිරහිත වන අතර එම කාලය තුළ ජනතාවට සිදු වන අපහසුතාවය පිළිබඳ කණගාටුව පළ කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
COMMENTS