රථ වාහන වැරදි 07ක් සම්බන්ධයෙන් වන රුපියල් 25,000 දඩ මුදල අත්හිටුවන ලෙස බල කරමින් පෞද්ගලික බස් රථ සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්...
රථ වාහන වැරදි 07ක් සම්බන්ධයෙන් වන රුපියල් 25,000 දඩ මුදල අත්හිටුවන ලෙස බල කරමින් පෞද්ගලික බස් රථ සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේ ඊයේ (02) රාත්‍රියේ බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
එහිදී අද (03) උදෑසන ජනාධිපතිවරයා සමඟ බස් සංගම් නියෝජිතයින් 20 දෙනෙකුට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබාදෙන බවට දුන් පොරොන්දුවකට අනුව බස් වර්ජනය තාවකාලිකව අත්හිට වූ බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
වර්ජනයේ නිරත පෞද්ගලික බස් සංගම් සමඟ ඊයේ රාත්‍රියේ කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයේදී පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ද අදහස් පළ කළ අතර ඔහු සදහන් කළේ ජනනාධිපතිවරයාගේ උපදෙස් මත තමන් පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් හමුවූ බවයි.
ඊයේ දිනය පුරාවට මෙම වර්ජනය හේතුවෙන් මගීන් විශාල ප්‍රමාණයක් දැඩි අපහසුතාවකට ලක්විය.
මේ අතර රජය පනවා ඇති දඩ මුදල් සම්බන්ධයෙන් ඊයේ දිනයේ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සමඟ පැවති සාකච්ඡා අසාර්ථවීම හේතුවෙන් අද දින කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය පවසයි.
COMMENTS