ආණ්‌ඩුවට එරෙහිව අද (18 දා) පස්‌වරුවේ කොළඹ නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේ...
ආණ්‌ඩුවට එරෙහිව අද (18 දා) පස්‌වරුවේ කොළඹ නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
කොළඹ ඉබ්බන්වල මංසන්ධියට විවිධ මාර්ග ඔස්‌සේ විශාල පිරිසක් මෙම සාමකාමී විරෝධයට එක්‌වන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම විරෝධතාවට ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්ද, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ අනුබද්ධ වෘත්තිය සමිති සම්මේලන සාමාජිකයන්ද සහභාගිවීමට නියමිතය.
ලිප්ටන් වටරවුමේදී පස්‌වරු 4.00 ට පැවැත්වෙන මෙම සාමකාමී විරෝධතාව "මූසල දෙවසර" යනුවෙන් නම් කර ඇත.
COMMENTS