පසුගියදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර සිදුකළ දුරකථන සංවාදය ඔස්සේ උපදෙස් ලබාදුන් පුද්ගලයා කවුරුන්ද...
පසුගියදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර සිදුකළ දුරකථන සංවාදය ඔස්සේ උපදෙස් ලබාදුන් පුද්ගලයා කවුරුන්ද යන්න රටට හෙළකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියාසිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදීය.
මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ පොලිස්පතිවරයා විසින් වහාම මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතුව ඇති බවයි.
පොලිස්පතිවරයාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳ අදාළ බලධාරීන් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.
COMMENTS