මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ලබන 13 වැනි උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වේ. ඒ අනුව පැල්මඬුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී පාද උඩමළ...
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ලබන 13 වැනි උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වේ.
ඒ අනුව පැල්මඬුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී පාද උඩමළුව දක්වා හැටන් මාර්ගය ඔස්සේ වඩම්මවන සමන් දේව ආභරණ රැගත් රිය පෙරහැර ගමන් ගන්නා හැටන් නගරයේ මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් හැටන් දික්ඔය නගර සභාව හා හැටන් පොලීසිය මගින් ප්‍රදේශවාසීන් හා හැටන් නගරයේ වෙළඳ ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ඊයේ (10) උදෑසන ආරම්භ කර තිබේ.
සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර අති උත්කර්ෂවත් අයුරින් හැටන් නගරයේදී පිළි ගැනීමට ප්‍රදේශයේ සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාව මේ වනවිට සූදානම්වෙමින් සිටින බව වාර්තා වේ.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරයේදී පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර මෙවර ශ්‍රී පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන්ට මාවුස්සාකැලේ පොලිස් මාර්ග බාධකයේදී විශේෂ බෑගයක් ලබාදීමට ද මස්කෙළිය පොලීසිය විසින් මේ වනවිට කටයුතු සම්පාදනය කර ඇත.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS