කිසිදු ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින හෝ එම ඉඩම් සංවර්ධනය කළ පුද්ගලයින්ට එම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරීත්වය පැවරීම සඳහා රජය වි...
කිසිදු ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින හෝ එම ඉඩම් සංවර්ධනය කළ පුද්ගලයින්ට එම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරීත්වය පැවරීම සඳහා රජය විසින් 2020 සැප්තැම්බර් 10 වනදා නිකුත් කළ අංක 2192/36 දරණ ගැසට් අවලංගු කර තිබේ.
වන සංරක්ෂණ, අභයභූමි ඇතුළු රජයේ ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින්නන්ට පවරා දීම සඳහා රජය විසින් ගෙන ආ මෙම ගැසට්ටුවට පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව ගණනාවකගෙන් විරෝධය එල්ල වී තිබිණි. ඒ අනුව දින 12ක් තුළ එනම් සැප්තැම්බර් 22 වනදා වනවිට එම ගැසට්ටුව අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව පෙනේ.
COMMENTS