කාන්තාවකට හිිරිහැර කළ බව කියන හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී කාන්තාවකට හ...
කාන්තාවකට හිිරිහැර කළ බව කියන හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී කාන්තාවකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් එම කාන්තාවගෙන් පැමිණිල්ලක් ලැබී තිබූ බවත් ඒ අනුව අදාල ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.
ඔහු මීට පෙර වැලිකඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටියදී එම කාන්තාව හඳුනාගෙන ඇති බව පරික්ෂණවලදී හෙළි වී තිබේ.
දැනට එම කාන්තාව සිය ස්වාමියාගෙන් වෙන්ව සිටින බව පොලීසිය සඳහන් කළේය.
COMMENTS