දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාතාල නායක උදම්මිට සමරේ මහමගදී වෙඩිකා නසී
Homeගොසිප්

පාතාල නායක උදම්මිට සමරේ මහමගදී වෙඩිකා නසී

PropellerAds

සරණගේ හිතවතා පාතාල නායක උදම්මිට සමරේ මහමගදී වෙඩිකා නසී (Photos) ඊයේ (24) රාත‍්‍රී 10.55ට පමණ වේයන්ගොඩ නගරයේදී සිදුවී ඇති වෙඩි තැබීමකි...

ලොව මිල අඩුම වාහනය : 'නැනෝ ඉලෙක්ට්‍රික්' අද සිට වෙළෙඳපොළේ.
යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය හුඹසක් ද?
නීතිපතිගෙන් මෝසමක්‌ : පළාත් පාලන මැතිවරණයට මොකද වෙන්නේ?

සරණගේ හිතවතා
පාතාල නායක උදම්මිට සමරේ
මහමගදී වෙඩිකා නසී (Photos)



ඊයේ (24) රාත‍්‍රී 10.55ට පමණ වේයන්ගොඩ නගරයේදී සිදුවී ඇති වෙඩි තැබීමකින් ‘උදම්මිට සමරේ‘ නමති පාතාල නායකයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ.වේයන්ගොඩ සිට නිට්ටඹුව දෙසට ඇති මාර්ගයේ දී ඇල්ලේ ඔය හරහා ඇති පාලම අසළ ගමන් ගනිමින් තිබුණ
සුඛෝපභෝගී වාහනයකින් උදම්මිට සමරේ සිය සගයන්

සමග ගමන් ගිනිමින් සිටියදී  මෙම වෙඩි තැබීම සිදුව ඇත.වාහනයේ  වම් පස වීදුරුවේ ද වෙඩි සලකුණු කිහිපයක්ම සටහන් වී තිබූ අතර වාහනයේ පිටුපස ගමන් ගත් දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නැත.

ඉදිරිපස සමරේ වෙඩි පහර කා එතැනම මිය ගිය බවත් අනෙක් පුද්ගලයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් වාර්තා වුණා.

වෙඩි වැදීමෙන් පසුව පාලම මැද ඇති පදික වේදිකාවේ ද එම වාහනය වැදී පාලනයකින් තොරව තවත් මීටර් 50ක් පමණ වාහන ධාවනය වී මාර්ගයෙන් ඉවත කණුවක ගැටී නතර වී තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ අය යතුරු පැදිවලින් පැමිණි  බවට සාක්ෂි ලැබී ඇත.

මියගිය උදම්මිට සමරේ නිට්ටඹුව එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළ පළමු සැකකරු වූ අතර ඔහුගේ සැබෑ නම සමරදිවාකර රාජපක්ෂ මොහොට්ටි අප්පුහාමිලාගේ ජානක සමන්ත කුමාර සමරදිවාකර ලෙස දැක්වේ.
ඔහු ප්‍රදේශයේ නමගිය පාතාල අපරාධ රැසකට සම්බන්ධ බවට පසුගිය කාලයේ ආන්දෝලන ඇති කර තිබුණ අතර අත්තනගල්ල සහ නිට්ටඹුව ප්‍රදේශය ‘පුංචි යාපනයක්‘ බවට ඔහු විසින් පත්කර තිබූ බව ප්‍රදේශ වාසීන්ගේ අදහසයි.

‘අඹුත් නැහැ දරුත් නැහැ’ යන්න ඔහුගේ ආදර්ශ පාඨය වූ බවත් කියැවේ.දේශපාලනඥ සරණ ගුණවර්ධන සමග කිට්ටු සබඳතා පැවැත්වූ අයෙකු ලෙසද ඔහු ප්‍රකටය.
වේයන්ගොඩ පොලිසිය සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වනු ලබනවා.

ඡායාරූප සහ තොරතුරු- කැලූම් චම්පික




















Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාතාල නායක උදම්මිට සමරේ මහමගදී වෙඩිකා නසී
පාතාල නායක උදම්මිට සමරේ මහමගදී වෙඩිකා නසී
http://ift.tt/2isJuGh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_568.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_568.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy