ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇතුළු පොදු දේපළවලට හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපා...
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇතුළු පොදු දේපළවලට හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජය පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ සාමාන්‍ය ප්‍රවාහන පද්ධතියට බාධා කරමින් ක්‍රියා කරන පුද්ගයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් දී ඇති බවයි.
ඊයේ (02) පෞද්ගලික බස් රථ දියත් කළ වර්ජනය අතරතුර ලංගම බස් රථ කිහිපයකට සහ රාජ්‍ය දේපල වලට හානි කිරිමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම නිවේදනය මගින් පෙන්වා දෙයි.
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එහි සඳහන්ය.
සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරමින් කඩාකප්පල්කාරී ලෙස හැසුරුණු පුද්ගලයින් හදුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටින බවත් තවදුරටත් එවැනි ක්‍රියා සිදුවුවහොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් එම නිවේදනයෙන් අවධාරණය කරයි.
COMMENTS