දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාවික හමුදාපතිගේ කි‍්‍රයාකලාපය පිළිකුල්සහගත, නිහීන කි‍්‍රයාවක් 
Homeප්‍රවෘත්ති

නාවික හමුදාපතිගේ කි‍්‍රයාකලාපය පිළිකුල්සහගත, නිහීන කි‍්‍රයාවක් 

PropellerAds

සිය බලය හා නිලය අනාචාරයේ හසුරුවමින් ඉතාම නිහීන ආකාරයට හැසිරුණ නාවික හමුදාපතිවරයාගේ කි‍්‍රයාකලාපය ඉතා පිළිකුලෙන් හෙළා දකින බව ජාතික භික්‍ෂු...

ඔයා කවද්ද ආයෙත් රනිල් ගාවට යන්නේ? මම නම් ආයෙත් රනිල් ගාවට යන්නෙ නෑ! එයා දැන් පොහොට්ටුවේ නායකයා! (VIDEO)
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිගෙන් ගුටි කෑ පියත් නිකේෂල තුවාල පිටින් පළමුවරට මාධ්‍ය හමුවකට එක්වෙයි! බේරේ වැවේ නාපු නියෝජ්‍ය නගරාධිපතිගේ ජාතකයම දිගහරියි! (VIDEO)
‘මහින්ද අගමැති කරනවාද නැද්ද..’ උණුසුම් වාදයෙන් පොහොට්ටුවත් දෙකඩයි.. රාජපක්‍ෂ පවුලත් දෙකඩයි!
නාවික හමුදාපතිගේ කි‍්‍රයාකලාපය පිළිකුල්සහගත, නිහීන කි‍්‍රයාවක් 

සිය බලය හා නිලය අනාචාරයේ හසුරුවමින් ඉතාම නිහීන ආකාරයට හැසිරුණ නාවික හමුදාපතිවරයාගේ කි‍්‍රයාකලාපය ඉතා පිළිකුලෙන් හෙළා දකින බව ජාතික භික්‍ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ජාතික භික්‍ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියන්ගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ රටේ නීතියේ ආදිපත්‍යයේ තරම පෙන්නුම් කරන ආසන්නතම මේ කි‍්‍රයාදාමය මුළුමහත් රටටත්, නාවික හමුදාවටත් ඇතිකළේ කැත කළු පැල්ලමක් බවයි.

එම නිවේදනය පහතින්, 

මාධ්‍යවේදීන්ට පහරදුන් නාවික හමුදාපතිවරයාගේ කි‍්‍රයාකලාපය ඉතාම පිළිකුල්සහගත, නිහීන කි‍්‍රයාවක් 

වත්මන් නාවික හමුදාපතිවරයා හම්බන්තොට වරාය සේවකයින්ගේ සාධාරණ සටනට අතපෙවීමට ගොස් අයිතවාසිකම් ඉල්ලූ වරාය සේවකයින්ට හා එහි සිටි මාධ්‍යවේදීන්ට කෝපාවිෂ්ඨ ලෙස පහරදෙමින් හැසිරුණ ආකාරය සාධාරණ සැකයෙන් තොරව මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙසේ සිය බලය හා නිලය අනාචාරයේ හසුරුවමින් ඉතාම නිහීන ආකාරයට හැසිරුණ නාවික හමුදාපතිවරයාගේ කි‍්‍රයාකලාපය ඉතා පිළිකුලෙන් හෙළා දකින්නෙමු.

රටේ නීතියේ ආදිපත්‍යයේ තරම පෙන්නුම් කරන ආසන්නතම මේ කි‍්‍රයාදාමය මුළුමහත් රටටත්, නාවික හමුදාවටත් ඇතිකළේ කැත කළු පැල්ලමකි. පොලිස්පතිවරයා සර්ලාට ඕන ලෙස නීතිය යොදවමින්, නාවික හමුදාපතිවරයා මැරයෙකු ලෙස මාධ්‍යවේදීන්ට පහරදෙමින් මේ රඟ දක්වන්නේ මෙරට යහපාලනයේ නිරුවත නොවේද. ආරක්‍ෂක ඇමති ලෙස ජනාධිපතිවරයා මේ සියල්ල දකිමින්, බලමින් නිහ`ඩව සිටින්නේ ඔහු රටට කියූ යහපාලනයත් මේ ප‍්‍රදර්ශනය කරමින් සිටින තත්වයත් එකක්ම නිසාදැයි රටට උත්තර දිය යුත්තේ ජනාධිපතිවරයා විසින්මය. අපත් රටත් එවැනි උත්තරයක් මේ සිදුවීම් සම්බන්ධයෙන් අපේක්‍ෂා කරන්නෙමු.

තමා මාධ්‍යවේදියෙකු යැයි කියද්දීම රාජකීය නාවික හමුදාව යැයි කියා ගන්නා නාවික හමුදාවේ ප‍්‍රධානියා හැසිරෙන්නේ මීට ඉහත අවස්ථාවක හම්බන්තොටදී නගරාධිපතිවරයෙක් හැසිරුණ මැරවරයෙක්ගේ ස්වරූපයෙනි. හම්බන්තොට භූමිය මිනිසුන්ගේ උසස් හැසිරීම් වෙනස්කර, මැරයින් කරන භූත බලයකින් යුක්ත දැයි අපටත්, රටටත් නොතේරේ.

හම්බන්තොට වරායේ සේවකයින්ගේ ප‍්‍රශ්නය ඔවුන්ගේ ජීවිත පිළිබඳ වූ සාධාරණ ප‍්‍රශ්නයකි. එයට පහරදීමෙන් උත්තර දිය හැක්කේ කෙසේදැයි රටේ පාලකයින් උත්තර දිය යුතුය. අද මේ රට පාලකයින්ගේ පවුලේ බූූදලයක් සේ සිතා රටත්, රටේ සම්පත් හා රටේ ජනතාවත් ඔවුන්ගේ ජීවිතත් සියල්ල පිළිබඳ හිතුමනාපෙ තීරණ ගනිමින් සිටියි. මෙය කිසිසේත් සාධාරණ නොවන තත්වයක් බැවින් මහා සංඝරත්නය ඇතුළු සියළු රටවැසියන් එක්ව ගොඩනැගෙන මෙම අරාජික සමය නිමාකිරීමට කාලය එළඹ ඇත.

රටක් අරාජික වන විට එහි පාලකයින් පිස්සුවෙන් හා වියරුවෙන් හැසිරෙන බව ධර්ම සාහිත්‍යයේත් මනාව පෙන්වා ඇත. සබුද්ධික ජනතාව එසේ පිස්සුවෙන් හා වියරුවෙන් හැසිරෙන පාලකයින් පාලනයෙන් ඉවත්කර නිසි පාලකයින් පිරිසක් අතට රටත් තම ජීවිතත් භාරදිය යුතුව ඇත. වරාය සේවකයින්, මාධ්‍යවේදීන් ඇතුළු අප සෑම දෙනාම ඊට නොබියව, නොපමාව සූදානම් විය යුතු බවද අප තරයේ අවධාරණය කරන්නෙමු.

නාවික හමුදාපතිවරයාගේ වියරු හැසිරීම සම්බන්ධව නීතිය සාධාරණව කි‍්‍රයාවට යොදවා ආරක්‍ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳව රටත් සමග අපත් විමසීමෙන් සිටින බව ද අවධාරණය කරන්නෙමු.

වකමුල්ලේ උදිත හිමි

ලේකම්,

ජාතික භික්‍ෂු පෙරමුණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාවික හමුදාපතිගේ කි‍්‍රයාකලාපය පිළිකුල්සහගත, නිහීන කි‍්‍රයාවක් 
නාවික හමුදාපතිගේ කි‍්‍රයාකලාපය පිළිකුල්සහගත, නිහීන කි‍්‍රයාවක් 
http://ift.tt/2hkyMnZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_427.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_427.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy