රටේ පවතින නියං සමය අවසන් කර රටේ ගොවිතැනට අවශ්‍ය නිසි වැසි ජලය ලැබී රටේ ජනයාගේ බව බෝග අටු කොටු සරුවී ලබන 2017 වර්ෂ රටට සුබ පළ උදා කර ගැනීම ...
රටේ පවතින නියං සමය අවසන් කර රටේ ගොවිතැනට අවශ්‍ය නිසි වැසි ජලය ලැබී රටේ ජනයාගේ බව බෝග අටු කොටු සරුවී ලබන 2017 වර්ෂ රටට සුබ පළ උදා කර ගැනීම පිණිස තෙරුවන්ගේ හා දෙවියන්ගේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා ලබා ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කතරගම පුදබිමට ගොස් ආගමික වතාවත් සිදුකළේය.
කතරගම කිරිවෙහෙරට පැමිණි ජනපතිවරයා රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක, රාජකිය පණ්ඩිත කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක්කේය.
පසුව මහසෙන් දේවාලයට ගොස් දේව ආශිර්වාදය ප‍්‍රාර්ථනා කර කතරගම දේවාල භූමියේ පිහිටි අෂ්ඨඵළ බෝධිය වෙත පැමිණි ජනාධිපතිවරයා බෝධි පුජාවක්ද පවත්වා කතරගම මහා දේවාලයට පැමිණ දේවාශිර්වාද පූජාවකට එක්විය.
කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාරගේ මහතා එම වැඩසටහන සංවිධානය කර තිබිණි.
COMMENTS