දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ ඉදිවුනේ ලෝකයේ විශාලතම කෘත්‍රීම නත්තල් ගස නොවෙයිද? ගිනස් වාර්තාවේ ඇත්ත කතාව
Homeගොසිප්

ලංකාවේ ඉදිවුනේ ලෝකයේ විශාලතම කෘත්‍රීම නත්තල් ගස නොවෙයිද? ගිනස් වාර්තාවේ ඇත්ත කතාව

PropellerAds

ලංකාවේ ඉදිවුනේ ලෝකයේ විශාලතම කෘත්‍රීම නත්තල් ගස නොවෙයිද? ගිනස් වාර්තාවේ ඇත්ත කතාව අර්ජුන රණතුංග සමාජ සත්කාරය කොළඹ ගාලුමුවදොර පිටියේදී ...

වෙඩිසිංහගෙ මළගෙදර මට යන්න බැහැනේ - සුරාජ් කියයි
2016/17 සරසවි පිවිසුම් ‘කට් ඕෆ් ඉසෙඩ්‘ අගයන් පිටවේ
ආනන්ද වෙඩිසිංහගේ අඩුව පුරවන්න - ජපානයේ සිට ආ පුතු කේන්ගේ පුද්ගලික ඇල්බමයෙන්

ලංකාවේ ඉදිවුනේ ලෝකයේ විශාලතම
කෘත්‍රීම නත්තල් ගස නොවෙයිද?

ගිනස් වාර්තාවේ ඇත්ත කතාව

අර්ජුන රණතුංග සමාජ සත්කාරය කොළඹ ගාලුමුවදොර පිටියේදී නිර්මාණය කර ඊයේ විවෘත කරන ලද නත්තල් ගස ලෝකයේ උසම නත්තල් ගසද යන්න ගැන මේ වනවිට මතභේදාත්මක කරුණු පළවෙමින් පවතී. තවමත් මෙම නිර්මාණයට ගිනස් වාර්තා අනුමැතිය හිමිවී නැති අතර එය අයදුම් පොරොත්තු ලේඛනයට පමණක් ඇතුළත් කර ඇත.
නිර්මාණය ආරම්භයේදී අඩි 325 කින් උසට නිම කර ගිනස් වාර්තාව තබන බවට නිර්මාණකරුවන් පැවසුවද එය නිම කරන ලද උස අඩි 238 කි. ඒ අනුව අඩි 87 ක්
ඔවුනට අහිමි විය. ඉදිකිරීම අතරතුර ආගමික නායක උපදෙස් මත තාවකාලික අත්හිටුවීමක් සිදුවීම එයට හේතු විය.
මෙම අඩුවූ උසින් පසුව නිර්මාණය අවසානයේ අර්ජුන ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය ‘ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගසේ‘ නව ගිනස් වාර්තාව ඔවුන් පිහිටුවන ලද බවට නිවේදනයක් නිකුත් කර තිබේ.

ගිනස් වාර්තා වෙබ් අඩවියේ තොරතුරු වලට අනුව නත්තල් ගස පිළිබඳ වාර්තා රැසක් විවිධ ආකාරයට වාර්තාවන්නේ පහත පරිදිය.
  • ලෝකයේ විශාලතම නත්තල් ගස් ආකෘතිය- උස අඩි 419.91 / සැරසිලි බල්බ් 28344
    (2009 බ්‍රසීලයේ සර්ජිප්හි එනර්ජිසා සර්ජිප් නිර්මාණයකි)
  • ලෝකයේ විශාලතම පාවෙන නත්තල් ගස - අඩි 278 අඟල් 10 / සැරසිලි ලාම්පු මිලියන 2.8 /  කිමී 37 ක් දිග ලණුවක පාවෙන්නට හරින ලදි. 
    (2007 බ්‍රසීලයේ රියේ ද ජැනයිරෝ නුවර බ්‍රැඩෙස්කො සෙගෘස් නිර්මාණයකි)
  • ලෝකයේ විශාලතම කෘත්‍රීම නත්තල් ගස - උස අඩි 180.4 /වට ප්‍රමාණය මීටර 69/පහළ මීටර 22
    (2015 චීනයේ ගුන්සොවුහි තින්ක් බිග් කල්චර් නිර්මාණයකි)
  • ලෝකයේ උසම කැපූ නත්තල් ගස -උස අඩි 221
    (1950 ඇමරිකාවේ වොෂින්ටන් නුවර ඩග්ලස් ෆර් නිර්මාණයකි)

ඒ අනුව ලංකාවේ ඊයේ විවෘත කරන්නට යෙදුණ නත්තල් ගස මෙම වාර්තා වලින් තෙවැනි වර්ගීකරණයට සඳහන් ‘ලෝකයේ විශාලතම කෘත්‍රීම නත්තල් ගසෙහි‘ වාර්තාව උස අනුව අභිබවා ඇති අතර අනෙක් සාධකද සලකා බලා අලුත් කළ ගිනස් වාර්තාව හිමිවනු ඇත.
අතරමග බාධා නිසා මුලින් අපේක්ෂිත උස අඩුවුණත්  වාර්තාගත උස අභිබවන්නට නිර්මාණකරුවන් සමත්ව තිබේ.
මෙම වාර්තාවන් ගේ විවිධත්වය පිළිබඳ අවබෝධයකින් තොරව The Catholic Expression නමැති සංවිධානයක් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ලංකාවේ ඉදිකළ නත්තල් ගස උසම එක නොවන බවට තර්ක කර ඇත්තේ ‘ලෝකයේ විශාලතම නත්තල් ගස් ආකෘතිය‘ යන වර්ගීකරණයට අයත් වාර්තාව හා සසඳමිනි.
පහත පළවන්නේ ලංකාව තරග කළ වර්ගීකරණයට අයත් ගිනස් වාර්තා පිටුවයි

 http://ift.tt/2hoqhJX

 නත්තල් ගස ඊයේ විවෘත කළ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් හා වීඩියෝව පහතින්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ ඉදිවුනේ ලෝකයේ විශාලතම කෘත්‍රීම නත්තල් ගස නොවෙයිද? ගිනස් වාර්තාවේ ඇත්ත කතාව
ලංකාවේ ඉදිවුනේ ලෝකයේ විශාලතම කෘත්‍රීම නත්තල් ගස නොවෙයිද? ගිනස් වාර්තාවේ ඇත්ත කතාව
http://ift.tt/2hEagvF
https://i.ytimg.com/vi/MZFYqbvEcMg/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_212.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_212.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy