උතුරට එක් සංහිඳියාවකුත් දකුණට එක් සංහිඳියාවකුත් තිබිය නොහැකි බවත් උතුරේ දෙමළ මිනිසුන් තමන්ට අසාධාරණයක් වූ බව පවසනවා නම් තමා එය නොපිළිගන්නා...
උතුරට එක් සංහිඳියාවකුත් දකුණට එක් සංහිඳියාවකුත් තිබිය නොහැකි බවත් උතුරේ දෙමළ මිනිසුන් තමන්ට අසාධාරණයක් වූ බව පවසනවා නම් තමා එය නොපිළිගන්නා බවත් යුද හමුදාවේ හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින් 230කට අධික පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රවණතා පිළිබඳව අදහස් හුවමාරු කරගත් අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා," මගේ දැනුමේ තරමින් සංහිඳියාව කියන්නේ හැමෝටම එක විදියට ජීවත් වෙන්න පුළුවන් වෙන එක. දකුණෙ කට්ටියට එක විදියකුත් උතුරේ කට්ටියට තව විදියකුත් වෙන්න බෑ. දෙමළ මිනිස්සු ඉල්ලනවා නම් වෙනම බලය බෙදා හැරීමක්, එයාලට අසාධාරණයක් වුනා කියලා හිතනවා නම් මම අහන ප්‍රශ්නේ තමයි හැම තිස්සෙම "යකෝ, අපිට තියෙන උඹලට නැති දේ මොකක්ද" . අපිට පුළුවන්නම් ශ්‍රී පවන් මහත්තයාව අග්‍රවිනිසුරුවරයා කරලා කොළඹ තියාගෙන මුළු අධිකරණ පද්ධතියම මෙහෙයවන්න , අපේ දොස්තර නෝනා කෙනෙකුට ඇයි බැරි කිලිනොච්චිය ඉස්පිරිතාලේ අධ්‍යක්ෂක වෙන්න. ශ්‍රේෂ්ඨාධිකරයේ අවුරුදු ගානක් නඩු අහපු විග්නේෂ්වරන් මහත්තයා කියනවා, කිලිනොච්චිය ඉස්පිරිතාලේ අධ්‍යක්ෂක සිංහල දොස්තර නෝනා කෙනෙක් එයාව අයින් කරලා දෙමළ පුද්ගලයෙක් එතනට දාන්න කියලා. ඒ කොහොමද එහෙම කරන්නේ අපි කොහොමද එහෙනම් ශ්‍රී පවන් තියාගන්නේ" යනුවෙන් කියාසිටියේය.
එම වීඩියෝව පහතින්.
COMMENTS