පසුගිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ආණ්ඩු සමයේ සුදුනෙළුම් තවලම් ව්‍යාපාරයට සහයෝගය පළ කිරීම තමා ඉතිහාසයේ කළ වරදක් බව පසුගියදා...
පසුගිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ආණ්ඩු සමයේ සුදුනෙළුම් තවලම් ව්‍යාපාරයට සහයෝගය පළ කිරීම තමා ඉතිහාසයේ කළ වරදක් බව පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට තමන්ගේ ඇස්වලට කඳුළු ආ බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 'ළඟම පාසල හොදම පාසලයි' ජාතික වැඩසටහනට සමගාමීව හාලිඇල ආසනයේ පාසල් කිහිපයක නව ගොඩනැගිලි ඉදිකිරිම වෙනුවෙන් මුල්ගල් තැබීමේ උත්සවයකදී ය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ආයුධ වලින් යුද්ධය ජය ගත්ත ද හදවතේ යුද්ධය දිනාගැනීමට තවමත් නොහැකිවීම එලෙස තමාගේ ඇසට කදුළු ඒමට හේතුව බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ඒ සුදු නෙළුම තවලම් ව්‍යාපාරය කියන්නේ කොච්චර හොඳ ව්‍යාපාරයක්ද, 82 සංවර්ධන සභා ජන්ද කාලේ කොළඹින් ගිය මිනිස්සු යාපනය පුස්තකාලයට ගිනි තිබ්බා. ඒක හරියට දෙමළ මිනිස්සුන්ගේ මනස ගිනි තිබ්බා වගේ. සුදුනෙළුම් ව්‍යාපාරය, තවලම ව්‍යාපාරය වගේ ඒවා හැදුවේ ඒ පුස්තකාලය හදන්න. ඒක හොඳ වැඩක්. හැබැයි ඒකට මහින්ද රාජපක්ෂ මහත්මයා කියපු දේට මට කඳුළු අවා. ඒ කාරණා දෙකක් නිසා. ත්‍රස්තවාදය පරාජය කරන්න නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ මහත්මයට ඇයි කියන්න සිද්ධ වුනේ මේ සිංහල දෙමළ මුස්ලිම් කියන හැමෝටම එකතු වෙලා රට හදන්න බැරි කියන කාරණය. අනික තමයි මේ ප්‍රදේශ වල අපි මොනතරම් හොඳට එකට ජීවත් වෙනවද, ඒත් ඇයි මේ ගොඩක් අයට ඒක තේරෙන්නේ නැත්තේ?'' යනුවෙන් කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS