ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු සාමාජිකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (16) නව පක්ෂයට එක්වී තිබේ. හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. ...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු සාමාජිකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (16) නව පක්ෂයට එක්වී තිබේ.
හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම නව පක්ෂය පසුගියදා මැතිවරණ කොමිසම විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පිළිගනු ලැබීය.
ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතු කරගෙන යෑම සඳහා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණෙහි නාමය වෙනස් කොට තමාගේ සභාපතිත්වයෙන් යුතුව නව පක්ෂයේ නාමය නිර්මාණය කළ බවත් ඒ සඳහා අවසර ලබාදෙන්නැයි පසුගිය සතියේදී මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවත් පසුගියදා ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මෙහි ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
ඡායාරූප පහතින්.
COMMENTS