ජී. එස්.පී. ප්ලස් සහනය යළි ලබාගැනීමට ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙන බව ජර්මන් නියෝජ්‍ය චාන්ස්ලර් සිග්මා ගෙබ්රියල් මහතා පවසයි. ඒ මහතා මේ බව...
ජී. එස්.පී. ප්ලස් සහනය යළි ලබාගැනීමට ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙන බව ජර්මන් නියෝජ්‍ය චාන්ස්ලර් සිග්මා ගෙබ්රියල් මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා හොංකොංහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වමිනි.
එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ වූ ආණ්ඩු පෙරළියෙන් පසු රට යළි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට අවතීර්ණ වී ඇති නිසා පැරණි සබඳකම් ශක්තිමත් කර ගනිමින් හැකි සෑම සහයක්ම ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාවේ නව ආර්ථික සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ නියෝජ්‍ය චාන්සලර්වරයා අධ්‍යාපන, ආර්ථික සහ ආයෝජන යන ක්ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකාවට සහය දීම සඳහා ඉදිරිපත්වීමට ජර්මනිය කැමැත්තෙන් සිටින බවද ප්‍රකාශ කළේය.
COMMENTS