දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ආණ්ඩුව හෙල්ලෙන බව දැනිලා' - FCID ගිය විමල් කියයි
Homeප්‍රවෘත්ති

'ආණ්ඩුව හෙල්ලෙන බව දැනිලා' - FCID ගිය විමල් කියයි

PropellerAds

ආණ්ඩුව හොල්ලන්න බැරිනම් ඒ බව අමුතුවෙන් කිවයුතු නැති බවත් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා නිතරම ‘මේ ආණ්ඩුව අවුරුදු 04කටවත් හොල්ලන්න බැහැ‘ කියා ප...

කාන්තා ලෝක කුසලාන අවසන් තරගය අද
ලැවසූරිය වෙල් යායේ කුඹුරු විනාශවිමේ අවදානමක
ඊ මේල් සොයාගත් කොලුවා-අද කාටත් මතක නැතී!
'ආණ්ඩුව හෙල්ලෙන බව දැනිලා' - FCID ගිය විමල් කියයි

ආණ්ඩුව හොල්ලන්න බැරිනම් ඒ බව අමුතුවෙන් කිවයුතු නැති බවත් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා නිතරම ‘මේ ආණ්ඩුව අවුරුදු 04කටවත් හොල්ලන්න බැහැ‘ කියා පවසන්නේ ‘ආණ්ඩුව හෙල්ලෙයි‘ කියන බිය ඔවුනට දැනටමත් දැනී ඇති නිසා බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (07) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ මහතා මෙසේ පැවසීය.

“ජනාධිපතිවරයාම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශකර තිබෙනවා, ‘පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි ඒවා දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව හැසිරෙනවා‘ කියලා. රටේ ජනාධිපතිවරයාම එහෙම හඳුන්වන FCID එකට තමයි මම අද ඇවිත් තිබෙන්නේ. මේ ආයතනයට මේ වන විට මාව හත්අට වතාවක් කැඳවා තිබෙනවා. මගෙන් අහන්න ප‍්‍රශ්න 160ක් පමණ ලියපු කොළයක් මෙතැන තිබෙනවා. ‘ ඒ ප‍්‍රශ්න ටික අහලා ඉවර වෙනකොට කොපමණ කාලයක් ගතවේවිද?’ කියන එක මට හිතාගන්න බැහැ. 

මේ ආණ්ඩුව දකුණු ආසියාවේ ලොකුම හොරකම කරපු ආණ්ඩුවයි. මේ රටේ මහ බැංකුව මහදවල් සොරාකාපු මහ මොලකරු සහ ඒ වැඬේට යොදා ගත්තු අනෙක් හොරු ටික නිදැල්ලේ ඉන්නවා. ඒ කිසි කෙනෙකුට විරුද්ධව මෙතෙක් කිසිඳු නීතියක් ක‍්‍රියාත්මක වී නැහැ. එසේ තිබියදී අද මේ රට විනාශ කරන ආණ්ඩුවට එරෙහිව හඬ නඟන දේශපාලන බලවේග පමණක් පොඩිපට්ටම් කරන්න මේ ත්‍ක්‍ෂෘ වැනි ආයතන  පාවිච්චි කරනවා.’‘

එහිදි මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා,

ප‍්‍රශ්නය: මහ මොලකරු ගැන පමණක් කථා කරන්නේ, මහ බැංකු බැඳුම්කර  වංචාවට අදාළ සමාගම ගැන කථා කරන්නේ නැද්ද?

පිළිතුර : ඒ හොරකම කළේ මහ මොලකරුගේ උදව්වෙන්. මහ මොලකරු උදව් නොකළා නම් අර්ජුන මහේන්ද්‍රන්ට මේ හොරකම කරන්නත් බැහැ, බෑණාගේ සමාගමට මේ අයුතු ලාභය ලබා ගන්නත් බැහැ. එවැනි චෞර මහ මොලකරුවකු රටේ අගමැති වෙලා ඉන්නකොට අද මේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි බහුභූත ආයතනවලින් දේශපාලන දඩයමක් සිදුකර ගෙන යනවා. 

ප‍්‍රශ්නය :මේ තත්වය දිගින් දිගටම වෙනවා. ඊට එරෙහිව ඔබතුමන්ලා යම් ක‍්‍රියාමාර්ගයක් ගන්නවාද? 

පිළිතුර : දිගින් දිගටම මේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලන බලවේග මර්දනය කිරීම මහජනයා කොතෙක් කාලයක් ඉවසයිද? ඒ නිසා අපි විශ්වාස කරනවා, මේ ආයතන සතු බලය ජනතාව විසින් ආපස්සට හරවන දිනය වැඩි ඈතක නොවෙයි කියලා.

ප‍්‍රශ්නය : මැතිවරණයක් ළඟපාතක නැහැ. ඔබතුමා බලය අනෙක් පැත්ත හරවන බව කියන්නේ කොහොමද ?

පිළිතුර : මැතිවරණ නැති වුණත් මිනිස්සු  පාරට බැහැලා ආණ්ඩු ගෙදර යවපු අවස්ථා ලෝක ඉතිහාසය පුරාම දැකගන්න පුළුවන්. මේ ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ජනතාවට ‘ආරාධනා‘ කරන්නේ ‘ලක්ෂ ගණනින් පාරට බැහැලා, කොළඹ දවස් ගණන් වටකරගෙන ඉඳලා, මේ බංකොළොත් ආණ්ඩුව ගෙදර යවපල්ලා,‘ කියන එකයි. ඒ ‘ආරාධනාවට‘ ජනතාව නියම අවස්ථාවේ, නියම ප‍්‍රතිචාරය දක්වාවි.

ප‍්‍රශ්නය : ‘යහපාලන ආණ්ඩුව තව අවුරුදු හතරකට හොල්ලන්නවත් බැහැ‘ කියලයි ඒ අය කියන්නේ...

පිළිතුර : ‘අවුරුදු හතරකටවත් හොල්ලන්න බැහැ‘ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ හොල්ලන්න බැරි නම්. මේ අයගේ යටිහිතට දැනෙනවා ‘ආණ්ඩුව හෙල්ලෙයි‘ කියලා. අද වන විට ඒ බිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනිලා තිබෙනවා. ඒ නිසයි ඒ අය හැම තිස්සෙම කියන්නේ ‘හොල්ලන්න බැහැ, හොල්ලන්න බැහැ‘ කියලා. 

ප‍්‍රශ්නය : ඔළුගෙඩි වෙනස් කරලා ආණ්ඩුව හොල්ලන්න බැරිද?

පිළිතුර : මේ පිළිබඳව මීට කලින් හිටපු ජනාධිපතිතුමන් ප‍්‍රකාශයක් කළා. ඒවා නියම වෙලාවට සිදුවේවි. මේ ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරු මේ යන ක‍්‍රමය ගැන දැඩි කලකිරීමෙන් ඉන්නේ. ඔවුන් සූදානමින් ඉන්නවා සුදුසු අවස්ථාවේ සුදුසු තීරණ ගන්න. වෙසක් එක ආවම කට්ටිය බකට් පත්තු කරයි. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ආණ්ඩුව හෙල්ලෙන බව දැනිලා' - FCID ගිය විමල් කියයි
'ආණ්ඩුව හෙල්ලෙන බව දැනිලා' - FCID ගිය විමල් කියයි
http://ift.tt/2fhKwEr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/fcid_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/fcid_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy