දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාධ්‍ය ඩීල් අතහරින ලෙස රන්ජන් ජවිපෙන් ඉල්ලයි
Homeගොසිප්

මාධ්‍ය ඩීල් අතහරින ලෙස රන්ජන් ජවිපෙන් ඉල්ලයි

PropellerAds

පසුගිය දිනවල මාධ්‍යට එරෙහිව රජය මගින් සිදු කරන්නට යෙදුණ කටයුතු කිහිපයක් හා ඒ ගැන ජිවිපෙ සැකසහිත ස්ථාවරය ගැන අද පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇම...

ජාතික රෝහලට දැමූ විමල්ගෙ වාර්තා ගන්න බෑ - සෞඛ්‍ය වර්ජනේ
මහින්ද සමග නැගිටිනවා වෙනුවට විමල් සමග නැගිටින ගම්මා (බ්‍රහස්. කාටූන්)
ශ්‍රී ලංකාවේ ජීවත් වන පුද්ගලයන්ගෙන් ලක්ෂ අටකට විෂාදය
පසුගිය දිනවල මාධ්‍යට එරෙහිව රජය මගින් සිදු කරන්නට යෙදුණ කටයුතු කිහිපයක් හා ඒ ගැන ජිවිපෙ සැකසහිත ස්ථාවරය ගැන අද පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක කතාවක් කළා. එහිදී ඔහු මෙසේ කියා සිටියා.


‘අද ජනමාධ්‍ය නිදහස මේ ආණ්ඩුව විසින් ලබාදී තිබෙනවා, අපි දකිනවා ඉස්සර මාධ්‍ය සක්ච්ඡාවලට ගිහින් ප්‍රශ්නයක් අහන්න කොන්දක් මාධ්‍යවේදීන්ට තිබුනේ නැහැ, අද මාධ්‍ය හමුවල ජනතාව වෙනුවෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා, ඒ අතර හොරුන්, මිනීමරුවන්  වෙනුවෙන් කඩේ යන මාධ්‍යවේදියොත් ඉන්නවා.
යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය නිදහසට එල්ලවූ බරපතලම කැළල තමයි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයා අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීම,  අපි ලංකා ඊ නිව්ස් දැක්කේ අසාධාරණය වෙනුවෙන් කතාකරන වෙබ් අඩවියක් විදිහට, අද ඇමතිවරු වෙලා ඉන්න අපේ ඇමතිවරුන් බහුතරයකම බයවෙද්දී ඔවුන්ගේ


දුෂණ මිනීමැරුම් ගැන හෙළිකරලා යහපාලන ආණ්ඩුවක් හදන්න විශාල කර්යබරයක් කළේ ලංකා ඊ නිව්ස් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි කියල කියන්න අපි ලජ්ජා වෙන්න ඕනේ නැහැ.
මේකේ පිටුපස දෙන්නෙක් ඉන්නවා, කණගාටුයි කියන්න එක්කෙනෙක් අපේ ආණ්ඩුවේම අධිකරණ ඇමතිතුමා අනිත් කෙනා මරණ දණ්ඩනයට නියමවූ දුමින්ද සිල්වාගේ නිතිච හේමන්ත වර්ණකුලසුරිය.
පසුගිය සතියේ හරි අපුරු දෙයක් සිදුවෙනවා, ලංකා ඉතිහාසයේ පලවෙනි වරට විනිසුරුවරියක් රෑක හොරෙන් ගිහින් මරණ දණ්ඩනය නියමවූ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමා හම්බවෙනවා, ඊට පස්සේ ලංකාවේ නිතිය විහිළුවක් කරමින් මරණ දණ්ඩනය හිමිවූ පුද්ගලයෙන් ප්‍රතිකාර ගැනීමට පුද්ගලික රෝහලකට ඇතුලත් කරන්න එලියට ගේනවා, කෙසේ හෝ ඒ රෝහලට ඇතුලත් කර ගැනීම ප්‍රතික්ෂේප කල නිසා ඔහුට ආපසු යන්න සිදුවෙනවා, රටේ නිතිය විහිළුවක් කල මේ සිදුවීම ගැන මුලින්ම හෙළි  කළේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියයි. ඒ නිසා අද ඒ විනිසුරුවරියගේ වැඩ තහනමට පවා ලක්වෙනවා, පුවත්පත් කිහිපයක් හැරෙන්න ලංකාවේ බහුතර මාධ්‍යකට මේක පුවතක් වත් වෙන්නේ නැහැ, ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර මන්ත්‍රීවරුන් පවා මේක නොදැක්ක වගේ හිටියා.
හිතල බලන්න මරණ දණ්ඩනය හිමිවුණු කෙනෙක් පුද්ගලික රෝහලකට ඇතුලත් කිරීම හා විනිසුරුවරියක් පුද්ගලිකව මුනගහිම වගේ දෙයක් ගැන
අපේ අනුර කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන ආකාරය ගැන, එතුමාගේ වචන වලින්ම කිව්වම ලැජ්ජයි අම්මපා මෙහමත් ආණ්ඩුවක් කියලා පාර්ලිමේන්තුව දෙවනත් කරන්න තිබ්බා, නමුත් එහෙම වුනේ නැහැ, ඇයි ඒ ?  මේ පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසාද ? නැහැ ඒකට හේතුව මේ පුද්ගලයගේ පවුල මේ රටේ ප්‍රධාන මාධ්‍ය ජාලයක හිමිකරුවන් වීම, ඕක ගැන කතා කරොත් අපේ නිව්ස් ඒ චැනල් එකේ දාන්නේ නැහැ, අපිට බලයේ චාන්ස් දෙන්නේ නැහැ, ඒක නේද හේතුව.
දැන්ක මේක ගැන කතා කරන්න කවුරුත් බයයි ඇයි ලොකු මාධ්‍ය ආයතනයක් තරහ වෙන්න ඉඩ තියෙනවා, මේ කතාවෙන් ලොකුම හානිය මට කියල මම දන්නවා, මම මේ ගැන මුලින් කතාකරපු දවසේ සිට මගේ පුවත් හෝ කලානිර්මාණ ඒ මාධ්‍ය ජාලයේ යන්නේ නැහැ,
මම ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමගෙනුයි අගමැතිතුමගෙනුයි ලංකා ඉ නිව්ස් සිද්ධියට මැදිහත් වෙන්න කියලා, ඔවුන් ගැන චෝදනා තියෙනවනම් නිසි ක්‍රමවේදයට ඒවා විමර්ශනය කරන්න එහෙම නැතුව මේ වගේ විනිසුරු ඇමති ඩිල් වලට ඉඩ දෙන්න එපා.‘
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාධ්‍ය ඩීල් අතහරින ලෙස රන්ජන් ජවිපෙන් ඉල්ලයි
මාධ්‍ය ඩීල් අතහරින ලෙස රන්ජන් ජවිපෙන් ඉල්ලයි
http://ift.tt/2g9sVkL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_941.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_941.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy