අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි අමෙරිකා එක්සත් ජනපදයේ හිට...
අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසුරිය මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
මෙරටින් පිටවයාමට සූදානම් වූ අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ඔහු අත්අඩංගුවට ගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ආරංචි මාර්ග පැවසී ය.
පසුව ජාලිය වික්‍රමසූරිය මහතාගෙන් ප්‍රශ්න කිරීමට කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් ඇති අතර ඉන් අනතුරුව කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS