දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිළිකා රෝහලට මුල්ගල තබද්දී පිළිකාවෙන් මියගිය තම සොයුරා දිසල් සිහිවූ මහේල කඳුළු සලයි
Homeගොසිප්

පිළිකා රෝහලට මුල්ගල තබද්දී පිළිකාවෙන් මියගිය තම සොයුරා දිසල් සිහිවූ මහේල කඳුළු සලයි

PropellerAds

පිළිකා රෝහලට මුල්ගල තබද්දී පිළිකාවෙන් මියගිය තම සොයුරා දිසල් සිහිවූ මහේල කඳුළු සලයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන මූලි...

සීනි වල සිල්ලර මිල වැඩිකිරීමට අවසර නෑ!
මහින්දට ඇමරිකාවෙන් ආරාධනා නෑ - ට්‍රම්ප් හමුවක් ගැන ඒකාබද්ධය නොදනී!
රුපියල අවප්‍රමාණය වන හේතුව මෙන්න!

පිළිකා රෝහලට මුල්ගල තබද්දී
පිළිකාවෙන් මියගිය තම සොයුරා දිසල්
සිහිවූ මහේල කඳුළු සලයි


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන මූලිකත්වය ගෙන පසුගිය දිනවල පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පිළිකා රෝහල් අරමුදලක් වෙනුවෙන් සිදු කළ පාගමන නිමාකරමින් කරාපිටිය රෝහල් පරිශ‍්‍රයේදී ඒ වෙනුවෙන් ඊයේ මුල්ගල තබන ලද අතර එම අවස්ථාවේ මීට විසිවසරකට පෙර පිළිකාවෙන් මියගිය සොයුරා දිසල් සිහිවී මහේල කඳුළු පිසදමමින් කථාවක් සිදු කළා.
1994 වසරේ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී හොඳම පාසල් ක‍්‍රීඩකයා ලෙස මහේල සම්මාන දිනාගෙන මාස කිහිපයකට පසුව 1995 ඔහුගේ ජීවිතයේ විශාලතම පසුබැස්ම ඇති වූයේ තම සොයුරා දිසල්ගේ මොළයේ පිළිකා රෝග තත්වය
දැනගැනීමෙනි. ඒ සඳහා ලංකාවේ ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් නැති බව දැනගත් පසු මහේලගේ පියා සෙනරත් ජයවර්ධන දිසල්ව එංගලන්තයේ ලන්ඩන් නුවර එට්කින්සන් මෝර්ලි රෝහලේ ප‍්‍රතිකාර සඳහා රැගෙන ගිය අතර එහිදී සැත්කමකටද බඳුන් කළා. මාස 7 ක් තිස්සේ එරට ප‍්‍රතිකාර වලින් පසුව නැවත ලංකාවට ඔහු කැටුව විත් නවලෝක රෝහලේ රසායනික චිකිත්සාවට ලක් කළත් සාර්ථක නොවූ අතර අවාසනාවන්ත ලෙස අවුරුදු 16 දී දිසල් මියගියා.

මහේල මෙන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දක්ෂතා දැක්වූ දිසල් වමත් පිතිකරුවෙකු වූ අතර මහේල නාලන්දා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරද්දී එහි ආරම්භක පිතිකරු ලෙස වයස 14දී දිසල් පිටියට පිවිස තිබුණා.
මහේලගේ හොඳම යහළුවා වූයේද ක‍්‍රිකට් සගයා වූයේද දිසල්ය.


මහේල කියන්නේ ඔහු තමාටත් වඩා දක්ෂ ක‍්‍රීඩකයෙකු බවයි. ඔහු ජීවතුන් අතර සිටියේ නම් මේ වනවිට ක‍්‍රිකට් තරුවක් වනු ඇති බවද ඔහුගේ අදහසයි.

වර්තමාන ජාත්‍යන්තර ක‍්‍රීඩාවන්ට පිවිසෙන්නට පෙර සිංහල ක‍්‍රීඩා සමාජයේ මහේල ක‍්‍රීඩා දිවිය අරඹන්නේ සිය සොයුරා අහිමි තනිකමද දරාගෙනය. එය තමන්ගේ ජීවිතයේ දරුණුම වේදනාවෙක් ලෙස ඔහු සැලකූ අතර තම සොයුරාට මුල් අවස්ථාවේම ප‍්‍රතිකාර කරන්නට හැකි වාතාවරණයක් ලංකාවේ තිබුනේ නම් සොයුරාගේ දෛවය වෙනස් විය හැකි බව ඔහු නිතර කල්පනා කළේය. රූපවාහිනී සංස්ථාවේ තාක්ෂණික නිලධාරියෙකුවූ සිය පියා සොයුරා පිටරට ගෙනගොස් ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසන්නට හැකියාව සහිත අයෙකු වූ නමුත් ලංකාවේ බහුතරයක් එවැනි ගැටලූවක් හමුවේ අසරණ වන බව මහේල දැන සිටියේය.තම සොයුරා වෙනුවෙන් කළ හැකි හොඳම දේ තවත් අයෙකුට එවන් විපතක් ඇතිවීමෙන් වැළැක්වීම බව මහේල කල්පණා කළේය.
වසර 2002දී පමණ මහේල හෝප් පිළිකා රෝහල වෙනුවෙන් අරමුදල් වැඩසටහන අරඹන්නේ ඒ නිසාය.නමුත් එය සාර්ථකවූයේ නැත. 2011දී යාපනයේ පිළිකා රෝහල වෙනුවෙන් මහේල මේ ආකාරයටම පාගමනින් ගිය අතර එය සාර්ථක විය.
2016දී ඔහු නැවත කරාපිටියේ පිළිකා රෝහල වෙනුවෙන් ඇවිද්දේය. ඊයේ එය සාර්ථක වන ලකුණු පහළ කර තිබේ.

මේ සඳහා වැයවන මිලියන 750 මුදල සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදෙන බව ඊයේ මුල්ගල තබන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පොරොන්දුවූ අතර ටේ‍්‍රල් එස්එල් පුණ්‍යායතනය මුල්වී සිදු කළ පාගමනින් මුදල් රැස්වන ප‍්‍රමාණයේ අඩුව අනිවාර්යයෙන් පිරවිය හැකි බවද ඔහු සහතික විය.


ඊයේ උත්සවයේදී කඳුළු සලමින් මහේල මෙසේ කීවේය.

‘මම ටිකක් අපහසු තත්වයට වැටුණා මොකද මගේ සොහොයුරා මියගිහිල්ලා අවුරුදු විස්සක්. එදා ඉඳලා ගොඩක් වෙහෙසුණා ලංකාවට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න.නාදනුයි ශරින්දයි මට ඒ අවස්ථාව ලබාදුන්නා. මං ගොඩක් සංතෝෂ වෙනවා. මං හිතන්නේ පිළිකා විතරක් නෙමේ අපේ රටේ තවත් නොයෙකුත් ප‍්‍රශ්න තියනවා.අපි ඒ ප‍්‍රශ්න වලට එකතුවෙලා මුහුණු දෙන්න  ඕන.මම හිතන්නේ මගේ මගේ ජීවිතේ සුන්දරම දවස් 28 ක් ගෙවුන. උතුරේ පේදුරුතුඩුවේ ඉඳල අපි මාතරට ඇවිල්ල තියෙනව. ශ‍්‍රී ලංකාවේ ජනතාව කෙතරම් සුන්දර ද, කෙතරම් පරිත්‍යාගශීලද කියල හිතුණා‘

එම අවස්ථාවේ වීඩියෝව පහතින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිළිකා රෝහලට මුල්ගල තබද්දී පිළිකාවෙන් මියගිය තම සොයුරා දිසල් සිහිවූ මහේල කඳුළු සලයි
පිළිකා රෝහලට මුල්ගල තබද්දී පිළිකාවෙන් මියගිය තම සොයුරා දිසල් සිහිවූ මහේල කඳුළු සලයි
http://ift.tt/2ec4S03
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_86.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_86.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy