මෙවර අයවැයෙන් වැටුප් ආදායම් සඳහා බදු අයකිරීමේ ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන අතර මූලික වැටුපට සියලු දීමනා ද එකතු වූ විට වැටුප් ආදායම රුපියල් ල...
මෙවර අයවැයෙන් වැටුප් ආදායම් සඳහා බදු අයකිරීමේ ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන අතර මූලික වැටුපට සියලු දීමනා ද එකතු වූ විට වැටුප් ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා යන්නේ නම් ඒ සෑම පුද්ගලයෙකුටම බදු ගෙවීමට සිදුවේ.
එම නව සංශෝධනයට අනුව මසකට ලක්ෂය බැගින් වසරකට ලක්ෂ 12 හෝ ඊට වඩා අඩු ආදායම් ලබන ආදායම් බදු ගෙවීමෙන් නිදහස් කර තිබේ.
තවද මසකට ලක්ෂ එකහමාර බැගින් වසරකට ලක්ෂ 18ක ආදායමක් ලබන පුද්ගලයන් ලක්ෂ 12ට අමතරව වැඩිවන ලක්ෂ 06 සඳහා 4%ක බදු මුදලක් ගෙවිය යුතු වේ.
වසරකට ලක්ෂ 24ක් ආදායම් ලබන පුද්ගලයන් ලක්ෂ 12න් පසු වැඩිවෙන සෑම ලක්ෂකටම 08%ක බදු මුදලක් ගෙවිය යුතුයි.
එසේම වසරකට ලක්ෂ 30ක ආදායමක් ලබන පුද්ගලයන් ලක්ෂ 12ට අමතරව වැඩිවන ලක්ෂ 18 සඳහා 12%ක් ද මසකට ලක්ෂ 03 බැගින් උපයා වසරකට ලක්ෂ 36ක් ආදායම් ලබන අය වැඩිවන ලක්ෂයක මුදල සඳහා 16%ක් බදු ගෙවිය යුතුය.
මේ ආකාරයට මසකට රුපියල් ලක්ෂය බැගින් වසරකට ලක්ෂ 12ක් ඉපයීමට අමතරව ආදායම් උපයන අය වැඩිවන සෑම ලක්ෂයකටම බදු ගෙවීමට සිදුවේ.
COMMENTS