ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජල ගාස්තු වැඩිවීම අත්හිටුවා ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පව...
ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජල ගාස්තු වැඩිවීම අත්හිටුවා ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ කොළඹදී අද (15) මාධ්‍ය හමුවක් අමතමිනි.
ජල ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් සොයාබැලීමට තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
දෙසැම්බර් මස 01 වැනිදා සිට ජල ගාස්තු සියයට 30කින් පමණ වැඩි කිරීමට නියමිත බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කළේය.
මේ අතර නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවේ ජලගාස්තු 30%කින් දෙසැම්බර් මස පළමුවැනිදා වැඩිවීමක් සිදුනොවනු ඇති බවයි.
එසේම ජල ගාස්තු පිළිබඳව සොයාබැලීමට ජනපති නියමයෙන් කමිටුවක් පත්කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS