පසුගිය 03 වැනි දින මාලිගාවත්ත පොලිස් වසමේ ප්‍රදීපා මාවතේ තව්හිද් ජමාද් සංවිධානය විසින් පැවැත්වූ උද්ඝෝෂණයකදී බුදු දහමට අපහාස වන ලෙස සහ ආගමි...
පසුගිය 03 වැනි දින මාලිගාවත්ත පොලිස් වසමේ ප්‍රදීපා මාවතේ තව්හිද් ජමාද් සංවිධානය විසින් පැවැත්වූ උද්ඝෝෂණයකදී බුදු දහමට අපහාස වන ලෙස සහ ආගමිකයින් කුපිත වන ලෙස අදහස් ප්‍රකාශ කළ අබ්දුල් රාසික් රෆයිඩීන් නමැත්තා මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොම්පඤ්ඤවීදියේ පදිංචිකරුවකු වන මොහු අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බාල වයස්කාර දැරියන් විවාහ කරගැනීමට හැකි පරිදි මුස්ලිම් සමාජයේ පවතින නීති සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා තව්හිඩ් ජමාත් සංවිධානය පසුගිය 03 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එහි දී නැගුණු සටන් පාඨ සහ ඡායාරූප විවිධාකාර ලෙස සමාජ ජාල තුළ විවේචනයට ලක්වන අයුරු පසුගිය දින කිහිපය පුරාම දැකගැනීමට හැකිවිය.
තව්හිඩ් ජමාත් සංවිධානයේ මහලේකම් ආර්. අබ්දුල් රාසික් මහතා එහි දී පැවැත්වූ දේශණය විශේෂයෙන්ම ආන්දෝලනාත්මක වූ අතර ඔහු බාලවයස්කාර දැරියන් විවාහ කරගැනීම සාධාරණීකරණය කළ අතර බොදු බල සේනා සංවිධානය සහ එහි මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ද නිර්ධය ලෙස බැණ වැදුණි.
අදාල වීඩියෝව පහතින් නරඹන්න.
COMMENTS