දෙමළ ජාතික සන්ධානය කිසිවිටෙක රට දෙකඩ කිරීමට උත්සහ දරන පක්ෂයක් නොවන නිසා කවරෙකුවත් ඊට බියක් දක්විය යුතු නැතැයි විපක්ෂ නායක හා දෙමළ ජාතික සන...
දෙමළ ජාතික සන්ධානය කිසිවිටෙක රට දෙකඩ කිරීමට උත්සහ දරන පක්ෂයක් නොවන නිසා කවරෙකුවත් ඊට බියක් දක්විය යුතු නැතැයි විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 06 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින්ගෙන් සැදුම්ලත් දෙමළ ජනතා විමුක්ති පෙරමුණ නමැති (මෙතෙක් ලියාපදිංචි නොකළ) දෙමළ දේශපාලන පක්ෂයේ නායක නඩේෂපිල්ලේ විද්‍යාදරන් මහතා විසින් යාපනයේදී ආරම්භ කළ 'කාලෙයි කදිර්'නම් පුවත්පත එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවය අමතමිනි.
එහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ, "මේ දිනවල දකුණේ ජනතාව උතුරු පළාතේ යලි කලබලකාරී තත්ත්වයක් ඇති වේයැයි බියෙන් පසුවෙමින් උතුරට පැමිණීමෙන් පවා වැළකී සිටිනවා කියල මට අහන්න ලැබුනා. එය වැරදියි. එසේ වියයුතු නැහැ. දකුණේ ජනතාව උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වෙතට පැමිණිය යුතුයි. උතුරේ මේ දිනවල සිදුවන සිදුවීම් ගැන දකුණේ ජනතාව අතරට වෙනත් මතයක් යාම නිසා මෙය අනවශ්‍ය ප්‍රශ්නයක් වෙලා. මේ දිනවල උතුරු පළාතේ සිදුවන සිදුවීම්වලට දෙමළ ජාතික සන්ධානයේ කිසිදු සම්බන්ධයක් නැහැ. අපි අපේ පක්ෂයෙන් උත්සහ කරන්නේ රට දෙකඩ කිරීමට නොවෙයි" යනුවෙනි.
මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පලාත් සභා මැති ඇමතිවරුන් මෙන්ම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සේනානායක මහතා ඇතුලු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS